ජුනි.13- විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද මාතර නගරයේදි විරෝධතා පාගමනක නිරත විය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය ජේ.කේ.අයි.යු. අරුණකුමාර පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසදා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරන ලෙස බලකරමින් මේ විරෝධතා පාගමන සංවිධානය කළ බවය.
විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ එම විරෝධතාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මිට පෙර ආචාර්යවරුන් සමග පැවැති සාකච්ජාවේදි වැටුප් වැඩිවිය යුතු ආකාරය පිළිබඳව දළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නද මෙතෙක් එවැනි සැලැස්මක් ඉදිරිපත්කර නොමැති බවය.
එවැනි සැලැස්මක් ඉදිරිපත් වූ පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු පිළිබද සාකච්ජා කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.