If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, June 20, 2011

උත්තර පත්‍ර බැලීම වර්ජනය කරනවා

ethalaya.com

ජුනි.19- අ‍.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු‍න්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට තම සහායද හිමිවන බව සමස්ත ලංකා උපාධිධාරි ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරම් පැවසුවේ තම සංගමයද උත්තර ප්‍රත ඇගයීමේ ක්‍රියාවලිය මෙවර වර්ජනය කරන බවය.

එහිදී ඔහු මෙසේ පැවසීය.

"උත්තර පත්‍ර වර්ජනය කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අපේ උපාධිධාරි ගුරු සංගම් එකමුතුවේ සහයෝගයත් ලබා දෙන්නට අපි තීරණය කළ බව අපි මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කර සිටිනවා. අවුරුදු 15ක් තිස්සේ උපාධිධාරි ගුරුවරුන්ගේ වැටුප් විශමතාව ඉවත් වුණේ නැහැ. පොදුවේ 97 ඇතිවෙච්ච ගුරු විදුහල්පති වැටුප් විශමතාවට විසඳුමක් නෑ. අපේ ප්‍රශ්න විසඳලා නෑ. මේ රටේ ආචාර්යවරු කියන්නේ මේ රටේ අනාගතය හදන නියමුවෝ"