If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, June 20, 2011

සරසවි ඇදුරන්ගෙන් නව වැටුප් යෝජනාවලියක්

CNEWS.LK

ජනතාව දැනුවත් කිරීමට විරෝධතා පාගමනක් හෙට (21) කොළඹදී - සමිති සම්මේලනයේ සභාපති කියයි

තම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් නව වැටුප් යෝජනාවලියක් උසස් අධ්‍යාපන අමාත්‍යංශ‍ට ඉදිරිපත් කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කර සිටිනවා. තම වැටුප් ප්‍රශ්නය අදියර 4 කින් ක්‍රියාත්මක කරන්නැයි එමඟින් යෝජනා ඉදිරිපත් කර ඇත. 
 
මේ පිළිබද අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ඉදිරිපත් කළ කරුණු රාජ්‍ය සේවක වැටුප් සහ සේවක මණ්ඩල කොමිසම සහ භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති බවයි. එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ඔහු පැවසීය.

මේ අතර පවතින ගැටලු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වන විරෝධතා පාගමනක් හෙට කොළඹ දී පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‍‍ගේ සමිති සම්මේලනය කටයුතු යොදා ඇති බවත්, එම විරෝධතා පා ගමන හෙට (21) කොළඹ විශ්වවිද්‍යාල අසලින් ආරම්භ වන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.