If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 16, 2011

ඇදුරන්ගේ වෘත්තීය ක්‍රියා හේතුවෙන් සරසවි හතරක අධ්‍යයන කටයුතු ඇනහිටී

Divaina

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු ඇනහිට ඇතැයි එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍යව පීඨයේ අධ්‍යයන කටයුතු ද ක්‍රමයෙන් අඩාල වෙමින් පවතින බව එහි ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් ආචාර්යවරු විශාල පිරිසක්‌ පසුගිය මස 9 වැනිදා සිට අංශ ප්‍රධානී තනතුරු වලින් ඉවත්ව සිsටින අතර මේ නිසා විශ්වවිද්‍යාල දිනෙන් දින අර්බුදකාරී තත්ත්වයකට පත් වෙමින් පවතින බව උපකුලපතිවරු පවසති. ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර මාසයකට අධික කාලයක්‌ ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැඩි නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම ද ගැටලුවක්‌ යෑයි උපකුලපතිවරු පවසති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, වෛද්‍ය පීඨයේ ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් නොවන හෙයින් එහි අධ්‍යයන කටයුතු වලට ගැටලුවක්‌ නැත.