If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, June 5, 2011

දැන් නවක වධය හමුදා කඳවුරු ඇතුළෙ

සිරස පුවත්

එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර පැවසුවේ, හමුදා කඳවුරු තුළ නවක වධය ක්‍රියාත්මක වන බවයි.

කායික ව්‍යායාම දරාගන්න බැරුව සිසුන් ශිෂ්‍යාවන් ගණනාවක් රෝහල්ගත කරලා තියෙනවා. අරලගන්විල පොළොන්නරුව සහ ඒ අවට රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන තියෙන රෝගීන් සංඛ්‍යාව ගත්තොත් 25කට අධිකයි. සිසුන්ට සාමාන්‍ය ජීවිතය නැති කරනවා.සිසුන් මානසිකව ලෙඩ කරල තියෙනවා. ඒ නවක වධය තමයි මේ හමුදා කඳවුරු තුළ දෙන්නේ,මේක තමයි යථාර්ථය"

එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පුහුණු පාඨමාලාව සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න ‍ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

"පුහුණු පාඨමාලාව ඉතාම සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙනවා. සමහර කණ්ඩාම් කියල තිබ්බා එතනදී දහ දොළොස් දෙනෙක් අසනීප වුණාය ආතතියට ලක්වුණාය ආදී වශයෙන් ඉතින් දහදාහක් පුහුණුව ලබන කොට ඒ දහදාහේ කිහිප දෙනෙකුට උණ ගැනෙන්න පුළුවන් පොඩි පොඩි හන්දිපත් රුදා ඇති වෙන්න පුළුවන්.යුධ හමුදා පුහුණුව නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි.එහෙම නැතිව වෙනත් ප්‍රශ්නයක් අපිට වාර්තා වෙලා නැහැ"