If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, June 5, 2011

උපකුලපති ඝාතනය කරන්න හැදුවාලු..?-සරසවි සිසුවෙක් 16 තෙක් රිමාන්ඩ්

අද දෙරණ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ දැරූ බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගනු ලැබූ එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව මිරිහාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම සරසවි සිසුවා ඊයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කළ බව පොලීසිය සඳහන් කරයි.

ප‍්‍රකාශයක් ලබාදීම සඳහා මිරිහාන පොලීසියට ගිය මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර ශිෂ්‍ය උගණ ලලිත් ප‍්‍රසන්න නැමති ශිෂ්‍යයා උපකුලපතිවරයා ඝාතනය කිරීමට හා විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකට හානි කිරීමේ කුමන්ත‍්‍රණයක් පවතින බවට උපකුලපතිවරයා විසින් කළ සාවද්‍ය පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග අනුව මේ මස 16 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශක,පූජ්‍ය කඹුරුපිටියේ ඥානීස්සර හිමියන් පවසයි.

එසේම පසුගිය කාලපරිච්ඡේදය පුරාම උපකුලපතිවරයා විසින් බොරු පැමිණිලි සිදුකොට සිසුන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බව උන්වහන්සේ සඳහන් කරයි.

පසුගිය දිනෙක ජ�පුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුගේ නිවසට රාතී‍්‍ර කාලයේදී විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ නිළධාරීන් යවා තමාට ජ්‍යෙෂ්ඨ සිසුන් නවක වධය ලබාදුන් බවට පවසා පොලීසියට පැමිණිල්ලක් කරන ලෙස බලකරමින් එම සිසුවා ලවා හක්මන පොලිසියට බොරු පැමිණිල්ලක් ලබාදුන් බවට ප‍්‍රකාශ කිරීමත් සමග මෙලෙස උපකුලපතිවරයා කටයුතු කරන බව ඥානීස්සර හිමියන් චෝදනා කරයි.

මෙලෙස කුමන්ත‍්‍රණකාරී ලෙස සිසුන් අත්අඩංගුවට ගැනීම තවමත් අවසන් වී නොමැති අතර උපකුලපතිවරයා ආණ්ඩුවේ වුවමනාව මත සිසුන් මර්දනය කිරීමට විවිධ කුමන්ත‍්‍රණ කි‍්‍රයාවට නගමින් සිටින බවත් මින් පැහැදිලිවන බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වෙනුවෙන් පූජ්‍ය කඹුරුපිටියේ ඥානීස්සර හිමියන්නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.