If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 8, 2011

තහනම් නියෝගය බල රහිත කරන්නැයි ආචාර්යවරුන් ඉල්ලයි

Ada Derana

June 8, 2011  12:51 pm
ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන්ට නිකුත් කර ඇති තහනම් නියෝගය ඉවත්කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

සිසුන් තිදෙනෙකු විසින් මීට පෙරාතුව ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් වැටුප් අර්බුදය මුල් කර ගනිමින් ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් ක‍ළ හොත් ඒවා භාර නොගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට අභියාචානාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එසේ වුවද එකී වාරණ නියෝගය නිකුත් කර තිබුණේ තම පාර්ශවයෙන් කරුණු විමසීමකින් තොරව බව සඳහන් කරමින් පීඨාධිපතිවරුන්ට නිකුත් කර ඇති තහනම් නියෝගය ඉවත්කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් අද පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණ සභාපති සත්‍යා හෙට්ටිගේ සහ උපාලි අබේරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇති අතර හෙට දිනයේ පෙත්සම පිළිබඳ සලකා බලන බව විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට දිනයේ මෙම පෙත්සමට අදාළව කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.