If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 8, 2011

ජ,පුර සිසු දඩයම සැරට-තවත් සිසුවියන් 20 ට පංති තහනම්

Ada Derana

June 8, 2011  12:24 pm

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් 20 ට වැඩි ප්‍රමාණයකගේ පන්ති තහනම් කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශක පූජ්‍ය කුඹුරුගමුවේ ඥානීස්සර හිමියන් පවසයි.

ශාස්ත්‍රපීඨයේ පළමු වසර අධ්‍යන කටයුතු කළ සිසුවියන් පිරිසක් අසාධාරණ ලෙස මෙසේ පන්ති තහනමට ලක් කොට ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.

රටපුරා උද්ඝෝෂණ පවත්වමින් රටේ භීෂණකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් මෙම පංති තහනමට ලක්කර ඇති බව දැන්වූ ලිපි ලැබී ඇති බවද ඥානීස්සර කියා සිටියි.

මීට ප්‍රථම ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කොට මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සිසුවෙකු මේවන විට රිමාන්ඩ් භාරයට පමුණුවා ඇති බවද උන්වහන්සේ පෙන්වාදුන්නේය.

මේ ආකාරයට ඉතා නින්දිත අයුරින් සිසුන් මර්දනය කිරීමට එරෙහිව මේවන විට විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වන බව කුඹුරුගමුවේ ඥානීස්සර හිමියන් වැඩිදුරටත් කියා සිටියි.