If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 19, 2011

සරසවි ඇදුරන්ට පඩි නොගෙවන්නැයි චක්‍රලේඛයක් නිකුත් කර නෑ

- ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කියයි
මේ දිනවල සරසවි ඇදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සේවයෙන් ඉවත් වී සිටින කාලය සදහා වැටුප් නොගෙවන ලෙස සඳහන් කර චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.

කිසිදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට වැටුප් නොගෙවන ලෙස දැනුම්දී නොමැති බවත් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ගෙවන ලෙස ලිපියක් මගින් සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ඉල්ලා අස්වීම් සඳහා පාලක සභාවේ අනුමැතිය අවශ්‍ය වන බවත් වැටුප් ගැටළුව සම්බන්ධයෙන්  මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබාදී ඇති  ඉල්ලා අස්වීම් සඳහා පාලක සභාවේ අනුමැතිය ලැබී නොමැති හෙයින් එම ඉල්ලා අස්වීම්ද වලංගු නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
Link: http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2456&b=1&c=o