- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියයි
පසුගියදා සරසවි ඇදුරන් විසින් ආරම්භ කරනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ය රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනතුරු අත්හැරීමේ කිසිදු හේතුවක් නැතැයි ද කිසිදු බලපෑමකට යටත්ව අත්නොහරින බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා පැවසුවේ ඊයේ (13) කොළඹට රැස්වූ විධායක කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹි බවය.
තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඩපන කිරීමට කිසිදු අයෙකුට නොහැකි වන බවද ඔහු පැවසිය. ඔහු වැඩිදුරටත් පැවසුවේ වැටුප් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන්නැයි තම සංගමය රජයෙන් ඉල්ලා ඇති බවය.