If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, May 25, 2011

සරසවි ඇදුරන් ඉල්ලා අස්වීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

 සරසවි ඇදුරන් ඉල්ලා අස්වීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

May 25, 2011  05:24 pm
වැටුප් අර්බුදය මුල්කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම වැළැක්වී‍මේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද(25)පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

වයඹ විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

වැටුප් අර්බුදය මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති නිසා අවසන් වසරේ සිසු සිසුවියන්ගේ විභාග කටයුතු අවුල් සහගත වීමට ඉඩ ඇති බව මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවුල් සහගත නොවීමට අදාළ ඉල්ලා අස්විමේ ලිපි භාර ගැනීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකාර පාර්ශවයට නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

එසේම විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස නියෝගයක් වග උත්තරකරුවන්ට නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16328