If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, May 25, 2011

ආචාර්ය ගැටලුවට විසදුම් ඉල්ලා සරසවි සිසුන් ‍විරෝධතාවක

මැයි.25- ආචාර්යවරුන්ගේ ගැටලු විසදන්නැයි, ඉල්ලමින් අද විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යා‍ලයේ  මහා ශිෂ්‍ය සංගමය එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

ඔවුන් පෙන්වා දෙනු ලැබුවේ, ආචාර්යවරුන්ගේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය හේතුවෙන් තම අධ්‍යයන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

"ශිෂ්‍යයො විශ්වවිද්‍යාල ඇතුළේ තමන්ගේ අධ්‍යන කටයුතු සිද්ධකරගන්න බැරිව දැඩි අපහසුතාවකින් ඉන්නෙ, ඒ නිසා අපි ශිෂ්‍යයෝ විදියට දැඩි අපහසුතාවක ඉන්නවා මේ ආණ්ඩුව ගුරුවරුන්ගේ ප්‍රශ්නයට නිසි උත්තර දීමට නොහැකි වීම නිසා"
 
Link: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10444:2011-05-25-12-26-22&catid=3:news-right