If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, May 16, 2011

සරසවි ඇදුරු ඉල්ලීම් සම්බන්ධයෙන් දැන් බලධාරීන් මැදිහත්වන්න ඕනෑ

- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

නිලන්ත මදුරාවල

පරිපාලන තනතුරුවලින් ඉවත්වීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාමුහික ශක්‌තිය පෙන්වා ඇතැයි ද දැන් සිදුවිය යුත්තේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත්වීම යෑයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ එම සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹදී ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය. මේ වන විට ආරම්භ කර ඇති පරිපාලන තනතුරුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියයට අනූවක්‌ පමණ සම්බන්ධ වී සිටින බවත් මෙම තත්ත්වය මත ඇතැම් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙන බවත් ඒ මහතා තම සම්මේලනය වැඩ වර්ජනයකට නොයන්නේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වන හෙයින් යෑයි ද කීවේය. වැඩ වර්ජනයක්‌ කැඳවීමේ ශක්‌තිය සම්මේලනයට ඇතැයි සඳහන් කළ සභාපතිවරයා සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබෙනු ඇතැයි සම්මේලනය බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.


Link: http://www.divaina.com/2011/05/16/news03.html 

Summary Statistics