If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 14, 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව සාකච්ඡාවලට සූදානම් නිසා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග නවතී

නිලන්ත මදුරාවල

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවස්‌ථාව ලැබී ඇති හෙයින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග නොගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත.

කෙසේ වූවද විධායක සභාව යළි ලබන සතියේදී රැස්‌වන බව එම සම්මේලනයේ සභාපති ආචාර්ය කර්නල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට ඊයේ (13 වැනිදා) රාත්‍රියේ පැවැසීය. ඉදිරි දින කිහිපයේදී ඇති වන තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමු කරන බවද එම තත්ත්වයන් පිළිබඳව ලබන සතියේ පැවැත්වෙන විධායක සභාවේදී සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.


Link: http://www.divaina.com/2011/05/14/news35.html