If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 20, 2011

සරසවි අංශ ප්‍රධානීන් 278 ක්‌ මේ වන විට තනතුරු අතහැරලා

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

නෑ... නෑ... තනතුරු අත්හැරියේ 144 දෙනයි
ඇමැති එස්‌. බී. කියයි


නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල දොළහක ඒ ඒ අධ්‍යයන අංශවල ප්‍රධානීන් 318 දෙනාගෙන් 278 දෙනකු මේ වනවිට සිය තනතුරු අත්හැර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

වයඹ හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තනතුරු අත්හැරීමේ ප්‍රතිශතය සියයට සියයක්‌ බව පවසන සභාපතිවරයා සමස්‌තයක්‌ වශයෙන් එම විශ්වවිද්‍යාල දොළහේ අංශ ප්‍රධානීන් තනතුරු අත්හැරීමේ ප්‍රතිශතය සියයට 88 ක්‌ පමණ වන බව ද කීවේය.

මේ අතර උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා සඳහන් කළේ අංශ ප්‍රධානීන් 461 දෙනාගෙන් 289 දෙනකු තනතුරුවලින් ඉල්ලා අස්‌වී ඉන් 103 දෙනකු සිය ඉල්ලා අස්‌වීමේ ලිපි ඉවත් කර ගත් බවය. එමෙන්ම තවත් අංශ ප්‍රධානීන් පනස්‌ දෙනෙකු තනතුරුවලින් ඉවත් වුවද එම තනතුරට අදාළ රාජකාරිවල නිරතව සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව තනතුරු අත්හැර සිටින්නේ ආචාර්යවරුන් 144 දෙනකු පමණක්‌ යෑයිද ඒ මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් 43 දෙනාගෙන් 40 දෙනෙක්‌ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් 75 දෙනාගෙන් 67 දෙනෙකුද යාපනය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් 41 දෙනාගෙන් 36 දෙනෙකු ද සිය තනතුරු අත්හැර ඇත.


Link: http://www.divaina.com/2011/05/20/news21.html

TUA Summary