If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, July 11, 2011

සියලු සරසවිවල දේශන පැවැත්වීම් අඩපණ වෙලා

අද දෙරණ

මේ වන විට සියලු විශ්ව විද්‍යාලවල දේශන පැවැත්වීම අඩපණ වී ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලුවට‍ මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

අංශාධිපතිවරුන් නොමැති නිසා කාල සටහන්, නව ශිෂ්‍යයින්ගේ කටයුතු ඇතුළු සියලු කටයුතු අනහිට ඇති බව ද ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ අතර උසස් පෙළ විභාගයේ ලකුණු දීමේ පටිපාටි සකස් නොකිරීමට ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.