If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 30, 2011

අස් වු අංශ ප්‍රධානීන්ට නව පත්වීම් දිය යුතුයි

සිරස පුවත් 30/07/2011


ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් විශ්විද්‍යාල අංශ ප්‍රධානීන්ට යළි නව පත්වීම් ලබාදිය යුතු බව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එලෙස පත්වීම් ලබානොදුනහොත් යළිත් විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු අකර්මන්‍යවීමේ අවදානමක් පවතින බව ආචාර්යවරුන්ග් සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක අචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

 "ඉල්ලා අස්වෙච්ච උදවිය සම්බන්ධයෙන් දැන් පුරප්පාඩු ඇතිවෙලා තියෙන නිසා පත්වීම් කරන්න ඕන. නමුත් පත්වීම් කර‍න්නේ නැතිව නැවත වරක් සමස්ත විශ්වවිද්‍යාල 15වේම අධ්‍යාපන කටයුතුවලට මහා බාධා ඇති කරමින් කටයුතු කරනවා, ඉල්ලා අස්වීමේ ලිපිය ඒ අය භාරගත්තේ නැහැයි කියලා. අපි ඉල්ලා අස්වෙලා ඉවරයි. පුරප්පාඩුවලට අලුතෙන් පත්කළ යුතුයි. ඒ නිසා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නැවත අර්බුදකාරී තත්වයක් ඇතිකරගන්නේත් නැතිව නැවත අලුත් පත්වීම් කරන ලෙස අපි අවධාරණයෙන් ප්‍රකාශ කරනවා"

කෙසේවෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවැසුවේ, අධ්‍යාපන අංශ ප්‍රධානින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපි විශ්වවිද්‍යාල පාලක සභාව මගින් පිළිගෙන නොමැති බවයි.

ඒ අනුව, යළිත් අලුතින් පත්වීම් ලිපි නිකුත් කිරීමට අවශ්‍යතාවයක්‍ නොමැති බව ඔහු සඳහන් කළේය.

මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධව සිටි විශ්වවිද්‍යාල බහුතරයක ආචාර්යවරුන් මේ වන විට වැඩ භාරගෙන ඇති බව උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේ සභාපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා පැවසීය.