දශක එකහමාරක පමණ කාලයකට වැඩි නොවු ඉතා පහල මට්ටමෙි වැටුප් තල ඉහල දැමීමට බල කිරීම සරසවි ඇදුරු අරගලයේ කේන්ද්‍රීය සටන් පාඨය විය. එය දැනට සරසවි වලට අනුයුක්ත ආචාර්යවරුන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගැනීෙමි අවශ්‍යතාවයට එහා ගිය වැදගත්කමක් සහිත ඉල්ලීමකි. පුරප්පාඩුව පවතින ආචාර්ය තනතුරු සඳහා වන ඇබෑර්තු පුරවාගත නොහැකිවල දැනට සේවයේ නියුතු ආචාර්ය මණ්ඩලයද ක‍්‍රම ක‍්‍රමයෙන් රටතුල වෙනත් රැකියාවනට හා රට අතහැර යන යථාර්ථයකට මුහුණ දෙමින් සිටින ජාතික සරසවි පද්ධතිය බිඳවැටීමකින් තොරව පවත්වාගෙනයාම සඳහා වන අනිවාර්ය කොන්දේසියකි.
එහෙත් මෙ‘ ලිපිය තුල මාගේ උත්සාහය ඇදුරු වැටුප් ප‍්‍රශ්නය පිළිබඳව සාකචිඡුා කිරීම නොවල මෙම අරගලය හරහා ජනනයව ඇති ජාතික මටිටමේ සංවාදය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින්ල ජනනයව ඇති අනාගතය පිළිබඳව වන ශුභවාදී විභවයන් හඳුනා ගැනීමයි. සරසවි ඇදුරු අරගලය මගින් බිහිකර ඇති සමාජ කතිකාවෙ‘ ප‍්‍රධාන පාර්ශවකරුවන් කණ්ඩායමි දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න අරගලයට සක‍්‍රීය ලෙස දායකවෙමින් සිටින සරසවි ආචාර්ය ප‍්‍රජාවයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සමිමෙිලනය මගින් පසුගිය දා එලිදක්වන්නට යෙඳුනු "සරසවි විදුරවි" ප‍්‍රකාශනය මුලිකවම මෙම සරසවි ආචාර්ය ප‍්‍රජාවේ මැදිහත්වීම් වල එකතුවකි. දෙවැන්න සරසවි ආචාර්ය වෘත්තියට ඍජූ සමිබන්ධයක් නැති සිවිල් සමාජ බුද්ධිමතුන් හා මත ගොඩනගන්නන්ය. තිසරණී ගුණසේකරල කිශාලි පින්ටෝ ජයවර්ධන සිට ගාමිණී වියන්ගොඩ දක්වා වන සිවිල් සමාජ බුද්ධිමතුන් පලකල අදහස් මේ යටතේ ගිනිය හැකිය. සරසවි ඇදුරු වැටුප් අරගලය අතිශය සාධාරණ අරගලයක් ලෙස වන පොදු එකඟතාවයක් මොවුන් සියල්ල අතර පවතී. එහෙත් සිවිල් සමාජ බුද්ධිමතුන් හා මත ගොඩනගන්නන්ගේ මැදිහත්වීම් වල එක් සුවිශේෂීතාවයක්ද ඇත. ඒ සරසවි ඇදුරු අරගලයට පක්ෂපාතීත්වය පලවන්නේ විවේචනයක්ද සහිතව වීමයි. ඒ තම පුද්ගලික වෘත්තීය අයිතිවාසිකමි වලට එහා ගිය පොදු සමාජ පැනයන් පිළිබඳව සරසවි ආචාර්ය ප‍්‍රජාව මැදිහත් නොවීමේ ඉතිහාසය පිළිබඳව වන විවේචනයයි. යම් පමණක වැටුප් වැඩිවීමට පසු සරසවි ඇදුරු අරගලය අවසන්වීමේ ඉඩකඩ පිළිබඳව වන විවේචනයයයි. කටුවක් තුල වැදී සිටි ආචාර්ය ප‍්‍රජාව වැටුප් සටනින් පසු නැවතත් කටුව තුලටම වැද සැඟව යෑමට ඉඩ ඇත්තේය යන විවේචනයයි. මෙම විවේචනය ඉතා සාධාරණ විවේචනයක් බවට එකඟ වන අතරම මෙම ලිපිය තුල මා යෝජනා කිරීමට අදහස් කරන්නේ එම විවේචනය සියයට සියයක් නිවැරදිද නොවන බවයි. පසුගිය මාස කිහිපයක අරගලය තුල වඩා පුළුල් සමාජ මැදිහත් වීමකට අවශ්‍ය විභවයන් සරසවි ආචාර්ය ප‍්‍රජාව තුල බිහිවෙමින් ඇති බවයි.
මුද්‍රිත මාධ්‍යයෙන් නිරන්තරයෙන් පලවන සරසවි ආචාර්යවරුන්ගේ අදහස්දල ආචාර්ය සමිති සමිමේලනය රට පුරා පවත්වමින් යන මහජන රැස්වීම් වල සමිමේලනයේ නායකත්වය තුලින් ප‍්‍රකාශ වන අදහස්ද සැලකිල්ලට ගත් කල සරසවි ඇදුරු වැටුප් ඉහල දමාගැනීමකට එහා ගිය මැදිහත්වීම් පිළිබඳව යෝජනා ගනනාවක් ඉදිරිපත් වනු පෙනේ. මෙම යෝජනා සමුහය ශීර්ෂයයන් දෙකක් යටතේ හඳුනාගත හැකිය. ඒ උසස් අධ්‍යාපනය හා ඍජුලෙස සමිබන්ධ පුඑ’ල් යෝජනා හා එසේ ඍජු ලෙස සමිබන්ධ නැති එහෙත් ජාතික වැදගත්කමකින් යුතු යෝජනා ලෙසිනි.
උසස් අධ්‍යාපනය හා ඍජුලෙස සමිබන්ධ පුළුල් යෝජනා
- අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන ප‍්‍රතිපාදන දුල දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් දක්වා ඉහල දැමීම (මෙය වත්මන් අරගලයේ ද ප‍්‍රධාන සටන් පාඨයකි)
- උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය පිළිබඳ අනතුර හමුවේ නිදහස් අධ්‍යාපනය හා එම සේවාව සපයන ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගැනීම
- ස්වාධීන ආයතන ලෙස ක‍්‍රියාකල හැකි වන පරිදි සරසවි ස්වාධීපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල පනත සංශෝධනය
- දැනට දැඩි ලෙස දේශපාලනීකරණයව ඇති සරසවි පාලනය එයින් මුදවා ගැනීම පිණිස මැදිහත් වීම
- ජාතික සරසවි පද්ධතිය රැුක ගැනීමේ සමස්ථ වගකීම වෘත්තීය සමිතියක් වන ආචාර්ය සමිති සමිමේලනයේ කරපිට නොපටවා පීඨ සභා හා සනාතන සභා යන අභ්‍යන්තරික ආයතනික ව්‍යුහයන්ගේ වගකීමක්ද ලෙස ස්ථාපිත කිරීම
- අදුරදර්ශී වැඩපිලිවෙලක් වන හමුදාව විසින් සරසවි සිසුනට ලබා දෙන නායකත්ව පුහුණුව’ අවසන් කිරීමට මැදිහත් වීම
- වෙළඳපොලට ශ‍්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස සරසවි හඳුනා ගැනීමේ උත්සහාය පරාජය කරමින් සමාජයට වගකියනල වැඩදායකල පරිපුර්ණ විද්‍යාර්ථයින් බිහිකිරීමේ ආයතනයක් ලෙස සරසවි නැවත හඳුන්වාදීමේ කතිකාව ගොඩනැගීම
- රට දැනට මුහුණ දී ඇති ප‍්‍රධාන පැනයන් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සීඝ‍්‍රයෙන් ගිලිහීයාමල මානව හිමිකම් උල්ලංඝණය හා යහපාලනය බිඳවැටීමට එරෙහිව සක‍්‍රීය ලෙස මැදිහත්වීම
- පොදු සමාජ යහපත ඉලක්ක කර ගනිමින් අනෙක් වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
- සමස්ථ සමාජ දේහය වෙලාගෙන ඇති දේශපාලනීකරණය හා හමුදාකරණයෙන් සමාජ දේහය ගලවා ගැනීම පිණිස මැදිහත් වීම
ඉහත පැනය හා ප‍්‍රතිපැනය සරසවි ඇදුරෙකුගේ කාර්යභාරය කුමක්ද යන තවත් වැදගත් සාකචඡාවක් වෙත අප කැඳවයි. මේ සඳහා වැදගත් වන ප‍්‍රධාන ලියවිල්ලකි අන්තර්ජාතික පිලිගැනීමකට ලක්වු "ලිමා ප‍්‍රකාශනය" සරසවි ඇදුරෙකුගේ කාර්යභාරය කුමක්ද යන්න අපහැදිලිව ගොස් ඇති මෙවන් යුගයකල සරසවි ඇදුරු අරගලයේ අනාගත ප‍්‍රවනතා හා ඉඩකඩ හඳුනා ගැනීමේ සාකචඡාවක් සඳහා ලිමා ප‍්‍රකාශනයෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. "අධ්‍යයන නිදහස" :්ජ්ාැපසජ රෙැැාදප* හා "උසස් අධ්‍යාපන ආයතනයන්හී ස්වාධිපත්‍යය" :්මඑදබදපහ දෙ යසටයැර ැාමජ්එසදබ සබිඑසඑමඑසදබි* ගැන වන ලිමා ප‍්‍රකාශනය 1988 ලිමා නුවරදී රැස්වුනු ලෝක විශ්ව විද්‍යාල සේවයේ 68 වන මහ සභාවේදී සමිමත වු ප‍්‍රකාශනයයි. ලිමා ප‍්‍රකාශනය සරසවි ඇදුරන්ල සිසුන් හා අනෙක් වෘත්තිකයන් ගෙන් සැදුම් ලද සරසවි ප‍්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනයක් වනවාක් මෙන්ම ඒ හා සමානවම වගකීම් පිළිබඳවද වු ප‍්‍රකාශනයකි. රාජ්‍යයේ හෝ වෙනත් කවර කණ්ඩායමක හෝ ඇඟිලි ගැසීම් හා පීඩනයන්ට යටත් නොවී සිතීමේ, හෘදය සාක්ෂියේ, භාෂණයේ, එක් රැස්වීමේල සහයෝගීතාවයේ නිදහස මෙන්ම පෞද්ගලික ආරක්ෂාවේ හා නිදහසේ ගමන් කිරීමේ අයිතියද "අධ්‍යයන නිදහස" යටතේ සරසවි ප‍්‍රජාවට හිමි අයිතිවාසිකම්ය. එහෙත් ඒ අයිතිවාසිකම් හිමිවන්නේ සරසවිය සතු සුවිශේෂී සමාජ වගකීමක් ඉටු කිරීම වෙනුවෙනි. ලිමා ප‍්‍රකාශනය සරසවිය සතු එම සමාජ වගකීම් හා ඒ අරභයා හිමිවන අයිතිවාසිකම් පිලිබඳ තර්කය මෙසේ පෙලගස්වයි.
"සරසවිය හා සරසවි ප‍්‍රජාව ජනතාවගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම" ඉටුකර දීම වෙනුවෙන් මැදිහත් වීමේ වගකීමක් දරයි. ඉහත සියළු අයිතිවාසිකම් භුක්තිවිදීම අරභයා වැදගත් වන ප‍්‍රධානතම අයිතිවාසිකමකි අධ්‍යාපනය සඳහා ඇති අයිතිය. අධ්‍යාපනය සඳහා වන එම අයිතිය බුක්තිවිදිය හැකි වන්නේ (එම අධ්‍යාපනය සඳහා වන අයිතිය තහවුරු කිරීමට ක‍්‍රියා කරන උසස් අධ්‍යාපන ආයතන සමුහය තුල 'අධ්‍යයන නිදහස' හා 'ස්වාධිපත්‍යය' පවතින්නේ නමි පමණි”
උසස් අධ්‍යාපන ආයතනයන්හි ස්වාධිපත්‍යය පිළිබඳව වන පරිච‘ඡේදයන්හි සඳහන් වන සරසවිය සතු වැදගත්ම වගකීමක් වන්නේ ර්‍ණසමාජය මුහුණ දෙන කාලීන අභියෝගයන්” විසදීම පිණිස මැදිහත්වීමයි. එම මැදිහත්වීම රාජ්‍යයේ ඇගිලි ගැසීමකින් තොරව සි\ුකිරීමට ඇති අවකාශය සරසවියේ ස්වාධිපත්‍යයේ සුවිශේෂී ලක්ෂණයකිග වෙළඳපොලට අවශ්‍ය වෘත්තිකයන් බිහිකිරීම වෙනුවට ර්‍ණමානව පුද්ගලභාවයේ පුර්ණ සංවර්ධනය” සරසවියේ කාර්යභාරය ලෙස හ\ුනාගන්නා ලිමා ප‍්‍රකාශනය පුඑ’ල් සමාජ ප‍්‍රශ්නයන් වෙනුවෙන් මැදිහත්වීමෙ‘ සරසවිය සතු වගකීම සවිස්තරාත්මකව ඉදිරිපත් කරන පදනම‘ ලියවිල්ලක් ලෙස හ\ුනාගත හැකිය.
මානව ඉතිහාසය අඛණ්ඩ ලෙස වෙනස්වන ගතික ක‍්‍රියාවලියකි. පුද්ගල සිතුවිලි මෙන්ම ජල සමුහයද අඛණ්ඩව ගමනක නිරතව ඇත. වරදක් කල අයෙකු හට නිවැරදිවීමේ අවකාශය ලබාදීම මෙන්ම අතපසුකම් සිදුවු සමාජ කණ්ඩායමක සුභවාදී අනාගත මැදිහත්වීම් පිළිබද විභවයන් හඳුනා ගැනීම හා දිරිමත් කිරීමද මානව ඉතිහාසයේ ගතිකත්වය පිළිබඳ මුලධර්මය පිළිගන්නා අයෙකු විසින් සිදු කල යුත්තකි. සරසවි ඇදුරු අරගලය තුල එවන් සුභවාදී විභවයක් ඇති බව යෝජනා කිරීමය මේ ලිපියේ මුලික අරමුණ වුයේ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සමිමේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මෑතකදී පැවසු පරිදි "නිදා සිටි දැවැන්තයා අවදිව ඇත". මේ ප‍්‍රකාශය තුල කාරණා තුනක් අන්තර්ගතව ඇත. එක, දැවැන්තයා මෙතෙක් කල් පසුවුයේ නිද්‍රාවකය. දෙක, මෙසේ නිද්‍රාවක පසුවුයේ අඟුටුමිට්ටෙකු නොව දැවැත්තයෙකි. තුන, එම දැවැන්තයා නින්දෙන් අවදිව සිටී. අරගලයන් නව නායකයන් මෙන්ම අළුත් ක‍්‍රියාකාරිකයන්ද බිහිකරයි. පේරාදෙණිය සරසවියේ සුමති සිවමෝහන් පැවසු පරිදි මාස දෙකකට අධික කාලයක් දිග්ගැස්සුනු සරසවි ඇදුරු අරගලය එතෙක් එක්ටැම් ගෙයක සිරවී සිටි සරසවි ඇදුරු ප‍්‍රජාවට සරසවියෙන් පිටත සමාජය සමඟ නව සමාජ කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීමේ අවශ්‍යතාවය යෝජනා කර ඇත. සමාජයක් ලෙස ශිෂ්ඨත්වයේ හා සබුද්ධිකභාවයේ මාවත් වල ඉදිරියට ආ අප පසුගිය කෙටි කාලය තුල දශක හතරක පහක කාලයක් ආ පස්සට ගමන් කර ඇත. මෙම ප‍්‍රවනතාවය ආපසු හැරවීම දුෂ්කර ව්‍යායාමයකි. එම දුෂ්කර ව්‍යායාමයේ පාර්ශවකරුවෙකු වීමේ විභවයන් වත්මන් අරගලය තුල සරසවි ඇදුරන් හිමිකරගෙන ඇතිබවට වන සුභවාදී සංඥා දක්නට ඇත. එම විභවයන් විකසිත වන බවට වග බලාගැනීම සරසවි තුල අපගේ මෙන්ම සරසවියෙන් පිට අපගේද වගකීමකි.