If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, July 24, 2011

හෙට සිට සරසවි අධ්‍යයන කටයුතු ඇරඹීමට සියලු කටයුතු සූදානම්

අද දෙරණ 24/07/2011

හෙට(25) දිනයේ සිට සාමාන්‍ය පරිදි විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇන හිට තිබු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්වීමත් සමඟ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වනවිට සිය නේවාසිකාර වෙත පැමිණෙමින් සිටින බව ද හෙතෙම පෙන්වාදුන්නේය.