If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 23, 2011

විශ්වවිද්‍යාල වරම් ලබා සිටින සිසුන්ගේ නම්නීකරණ තොරතුරු පහත වෙබ් අඩවියෙන් හා ආයතනවලින් ලබාගන්න

දිවයින 23/07/2011

නිලන්ත මදුරාවෙල

විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා තේරී පත්ව සිටින සිසුසිසුවියන් සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පූර්ව නම්නීකරණ වැඩසටහන පිළිබඳව සියලු තොරතුරු දිවයින පුරා පිහිටි ජාතික මාර්ගගත දුරස්‌ථ අධ්‍යාපන සේවා ශාඛාවලින් හෝ www.pop.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

නායකත්ව පුහුණු පාඨමාලාවට සහභාගි වූ ප්‍රථම කණ්‌ඩායම සඳහා පූර්ව නම්නීකරණ වැඩසටහන 20 වැනිදා ආරම්භ වූ අතර දෙවැනි කණ්‌ඩායම සඳහා එම වැඩසටහන ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඉංගී්‍රසි තොරතුරු තාක්‌ෂණය ගැටුම් නිරාකරණය හා සමාජ සුසංගමය හා පරිසර අධ්‍යයනය යන පාඨමාලා පූර්ව නම්නීකරණ වැඩසටහනට අයත්ය.