If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, July 1, 2011

නිසි පිළිතුරු ලැබෙනතුරු වර්ජනයේ

CNEWS.LK

මෙතෙක් දුර ඇදී ආ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන‍්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.

තම අර්බුදය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි විසඳුමක් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ‍

කෙසේ වෙතත් තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක සම්මන්ත්‍රණ මාලාව හා පා ගමන් තව දුරටත් පැවැත්වෙන බව ඔහු පැවසීය.