If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, July 10, 2011

කලා උපාධිධාරීන් මට එපා

අද දෙරණ

රටේ රැකියා වෙළඳපොළට ගැලපෙන උපාධිධාරීන් බිහි කළ යුතු බව පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

මෙරට උපාධීධාරීන්ගෙන් සියයට 70ක් කලා උපාධීධාරීන් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කලා උපාධීධාරීන් මෙරට රැකියා වෙළඳපොළට පමණක් නොව සිය අමාත්‍යාංශයට ද ප්‍රයෝජනයක් නොවන බව ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා කියා සිටියි.

එම නිසා රටේ රැකියා වෙළපොළට ගැලපෙන උපාධීධාරීන් බිහි කරන ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

බුත්තල ප්‍රදේශයේ ඊයේ සවස පැවති උත්සවයකට එක් වෙමින් ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.