
ජ'පුර සරසවියේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට
මෙම මුදල ගෙවා ඇති නමුදු දෙපාර්තමේන්තු ප්‍රසංවාදන කමිටුවේ අනුමැතිය ඒ සඳහා ලබාගෙන නොමැති බවද විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. හදිසි අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස විශ්වවිද්‍යාල පාලක සභාවට ඉදිරිපත් කර ඉන් ලැබුණු අනුමැතිය මත මෙම ගෙවීම සිදුකර තිබේ.
පසුගිය වසරේ පැවති අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පැසිපන්දු, ටෙනිස් සහ වොලිබෝල් යන ක්‍රීඩා සඳහා පහසුකම් පුළුල් කිරීම සඳහා යැයි කියමින් පසුගිය මැයි මස මෙම ප්‍රතිසංස්කරණයන් ආරම්භ කර ඇති නමුදු නියමිත කාලය තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත් වී තිබේ. ඒ හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟ සඳහා බාහිර ක්‍රීඩා පිටි යොදවාගැනීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තවත් රුපියල් ලක්ෂ 3ක් පමණ වැය කර ඇතැයිද එම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.