If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, July 2, 2011

සරසවි ඇදුරු වැටුප් වැඩි කිරීමේ ගැටලුවට ඇමැති බැසිල් මැදිහත් වේ

දිවයින 02/07/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ගැටලුවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මැදිහත්ව සිටියි.

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ඇමැතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එම් සාකච්ඡාව අනුව සුබවාදී තත්ත්වයක්‌ පවතින බව එම සම්මේලනයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට ඊයේ (01 වැනිදා) පැවැසීය. එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු සහභාගි වී තිබේ. දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.