If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Wednesday, June 29, 2011

සෞන්දර්ය විශ්වවිද්‍යාලය කොළඹින් ඉවත්කිරීමට එරෙහිව සිසුන් වීදි බසී

Lankatruth.com, 29/06/2011

උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය කොළඹින් ඉවත්කර එම ස්ථානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමට හා

විශ්වවිද්‍යාලය තුළ උග‍්‍රවෙමින් පවතින සුභසාධන ගැටළු වහා විසඳන ලෙස උසස් අධ්‍යාපන ඇමතිවරයාට හා ආණ්ඩුවට බලකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් අද දහවල් සෞන්ධර්ය විශ්වවිද්‍යාලයේ නර්ථන පීඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.