If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 17, 2011

'කන්‍යාරත්න' එළවමු: එස්.බී.ට ජ'පුර පස් පාගන්න ඉඩ නොදමු - කඹුරුපිටියේ ඥානිස්සර හිමි

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.17, ප.ව.3.30) දින කිහිපයකට පෙර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන රහස් පොලීසිය විසින් දින 90 ක් රඳවා තබාගැනීමට එරෙහිව හා ආණ්ඩුවේ හෙංචයියෙකු ලෙස ජයවර්ධනපුර උප කුලපති වරයා විසින් ගෙනයන සිසු මර්දනය වහා නතර කරන ලෙසත් මෙසේ මානසික රෝගයෙන් පෙළෙන ජයවර්ධනපුර මෙම උපකුලපති වරයා වහාම සරසවියෙන් ඉවත් කරන ලෙස බලකරමින් අද පෙරවරුවේ එම සරසවිය ඉදිරිපිට පළමුවසර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ඝෝෂනයක නිරත වූහ.

එහිදී මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කළ කඹුරුපිටියේ ඥානිස්සර ශිෂ්‍ය හිමියෝ මෙසේ පැවසූහ.

'සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ගිය නිසා 'කන්‍යාරත්න' ලෙස විරුදාවලි ලත් මානසික රෝගයකින් පෙළෙන අපගේ උපකුලපතිවරයා විසින් ගෙනයන ශිෂ්‍ය මර්දනය හමුවේ අප දණ ගහන්නේ නෑ. මේ දුෂ්ඨ පාලනය තුරන්කර ඔහුව සරසවි මෑණියන්ගෙන් පන්නා දමන තුරු අපගේ සටන ගෙනයනවා. මේ මර්දනය ඔහුගේ තනි උවමනාවට පමණක් සිදු කෙරෙන දෙයක් නොවේ. මේක උසස් අධ්‍යාපන ඇමතිවරයා හා රාජපක්ෂ ආණ්ඩුවේ උවමනාවට සිදු වෙන දෙයක්. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හා ආණ්ඩුව විසින් ගෙන යන ශිෂ්‍ය මර්දනය නවතන තෙක් උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායකට ජපුර විශ්වවිද්‍යාලයයේ පස් පිඩක් පාගන්නට අපි ඉඩ දෙන්නේ නෑ'

මේ අතර මහපොල ශිෂ්‍යත්ව උත්සවය වර්ජනය කරමින් ජ'පුර සරසවි ඇදුරෝ ද තම වැටුප් ප්‍රශ්ණය විසඳන තුරු මෙවැනි උත්සව වර්ජනය කරන බව කියමින් අද ජ'පුර සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

සේයාරූ වලින් දැක්වෙන්නේ සිසුන්ගේ සහ ඇදුරන්ගේ උද්ඝෝෂණයේ අවස්ථා දෙකකි