If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 16, 2011

සරසවි ඇදුරන්ගේ අරගලයට ගුරුවරුන්ගේ සහාය දෙති

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.16, ප.ව.2.00) මෙවර අපොස උසස්පෙළ උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට ලංකා ගුරුසේවා සංගමය පූර්ණ සහාය පලකරන අතර එම ව‍ෘත්තීය ක්‍රියාමාර්ගය සමග සම්බන්ධවීමට තීරණය කර ඇතැයි ලංකා ගුරුසේවා සංගමය විසින් විභාග කොමසාරිස්වරයා වෙත අද (16) දින ලිඛිතව දැනුම්දී තිබේ.

මේ වනවිට ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබානොදෙමින්ල ඔවුන්ට බොරු අවලාද නගමින් මඩ ප්‍රචාර කරමින් සිසුන් අධිකරණය වෙත යොමුකරමින් මර්ධනය කිරීමත්ල අවුරුදු 17 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ගුරු හා විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමත් හේතුවෙන් ලංකා ගුරුසේවා සංගමය මෙම තීරණය ගෙන ඇතැයි එම සංගමය විසින් අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

විශ්‍රේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වාර්ෂිකව පැවැත්වෙන අපොස උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත පැවරී ඇති කාර්යභාරය අතිමහත්ය. එහිදී විශ්‍රේෂයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමල උත්තර පත්‍ර පරීක‍ෂාව හා නැවත සමීක‍ෂණ කටයුතු දක්වා ඉතා භාර ර මෙන්ම සංකීර්ණ කි්‍රයාවලියක මූලික වගකීම දරනුයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රමිතිය හා විශ්වාසනීයත්වය හරහා එහි ඉහළ ගුණාත්මක බව රැකගැනීම මූලික අරමුණයි.

නමුත් විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම වගකීමෙන් ඉවත්වීමට ගෙන ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා එම වගකීම් පාසල් ගුරුවරුන් මගින් ඉටු කර ගන්නා බවට සිදුකර ඇති වගකීම් විරහිත ප්‍රකාශ වලට දැඩි විරෝධය පලරකන අතර මේ හරහා මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වන අ.පො.ස. උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය තුළ බරපතල ගැටළු ඇතිවිය හැකි බවත් ඒ හරහා විභාගයේ ප්‍රමිතිය විශ්වාසනීයත්වය හා ගුණාත්මක බවට බරපතල හානි සිදුවිය හැකි බවත් ඒ සඳහා ලංකා ගුරුසේවා සංගමය දැඩි විරෝධය පලකරන අතර එවැනි වැඩපිළිවෙලකට විභාග දෙපාර්තමේන්තුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ඉඩ නොතබන බවත් දැඩිව අවධාරණය කරයි