If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, June 7, 2011

කාමරය වෛද්‍යවරුන්ට - වර්ජනය අවසන්

Ada derana

June 7, 2011  01:48 pm

රෝහල් කිහිපයක වෛද්‍යවරුන් ආරම්භ කර තිබු වර්ජනය ‍අද(07) දහවල් 12ට අවසන් කළ බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුනු පොළොන්නරුව මහරෝහලේ වෛද්‍යවරුන්ට අයත් කාමරය අද දිනයේ නිල වශයෙන් වෛද්‍යවරුන් වෙත භාර කෙරුණු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය බිමන්ත ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

පොළොන්නරුව මහ‍රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වර්ජනයට අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වල වෛද්‍යවරුන්ද අද පෙරවරුවේ එක්ව සිටියහ.

පොළොන්නරුව මහරෝ‍හලේ ප්‍රධාන හෙද පාලිකාව වෛද්‍යවරුන්ට අයිති කාමර‍යක බලහත්කාරයෙන් රැඳී සිටීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් අදාළ වර්ජනයට අවතීර්ණ විය.