If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 9, 2011

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙපළට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

Ada Derana

June 9, 2011  04:57 pm

සත්‍යා හෙට්ටිගේ සහ ප්‍රියසාද් ඩෙප් යන මහත්වරුන් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

අද(09) පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු සභාව විසින් මෙම අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසීය.

මීට අමතරව ගාමිණී අමරතුංග මහතා අධිකරණ සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමට ද අනුමැතිය හිමිවිය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ නම් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබූ බව සඳහන්ය.