දිවයින 22/06/2011
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
අජිත් අලහකෝන්
තැලෙන පෑගෙන පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙනුවට "යර්ස් සර්" කියමින් නිවට නියාලු ලෙස හැසිරෙන ශිෂ්‍ය ව්‍යාපාරයක් බිහිකිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය පරාජය කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20 දා) ප්‍රකාශ කළේය.
ජාතික විරු සිසු සැමරුම වෙනුවෙන් මහජන පුස්‌තකාලයීය ශාලාවේ පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් දිසානායක මහතා එසේ කීය.
"මාතෘ භූමියේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් දිවිදුන් විරු සිසුවන් සමරමු" යන මැයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ජාතික ශිෂ්‍ය වීර දිනය සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
ඝාතනයට ලක්‌වූ සිසුන් සැමරීම සඳහා පහන් සිළු දැල්වීම සමාජවාදි භික්‍ෂු සංගමයේ කැඳවුම්කරු කඹුරුපිටියේ ඥණිස්‌සර හිමි, ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මියගිය ශිෂ්‍යයන් වෙනුවෙන් වෙනුර එදිරිසිංහ සිසුවාගේ මව, සමාජවාදි ශිෂ්‍ය සංගමයේ දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර යන අය විසින් සිදුකළහ.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
එදා ඡේ. ආර්. යුගය අද එම්. ආර්. යුගය. හැත්තෑ හතේ බලයට ඇවිත් අපේ රටේ විශාල පරිවර්තනයක් කරමින් හිටියා. එය සමාජයට හිතකර පරිවර්තනයක් නොවේ. විටෙක රටේ නිදහස් අධ්‍යාපනය අවසාන කඩඉම දක්‌වා තල්ලු කරමින් සිටියා. අනෙක් පැත්තෙන් රටේ ස්‌වෛරීබව අධිරාජ්‍යවාදීන් හමුවේ පාවා දෙමින් සිටියා. තවත් පැත්තකිsන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිනිස් නිදහස උල්ලංඝනය කරමින් සිටියා. අතිශය ම්ලේච්ඡ ක්‍රියාමාර්ගවලට එරෙහිව අරගල කිරීමට නැගී සිටීමට අවශ්‍ය වුණා. අවාසනාවකට රටේ පොදු ජනයා ඒ අරගලයට පමා වෙද්දී ඊට මූලික අඩිතාලම තැබුවේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. යුගයේ අභියෝගවලට මුහුණ දිය හැක්‌කේ වැනෙන මිනිසුන්ට නොවේ. පොදු ජන යහපත උදෙසා එඩිතර පරාර්ථකාමී මිනිසුන්ට විතරයි.
අද පරාර්ථකාමී හැඟීම් සමච්චලයකට ලක්‌කර තිබෙන අවධියක්. කට්‌ටක් ලෙව කෑම තම ජීවිකාව කරගෙන තිබෙන සමාජයක් අද තියෙන්නේ. අපට පරිත්‍යාගය පිළිබඳ අවධානය යොමු කළයුතු නම් පෙරලා බැලිය යුත්තේ අපගේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. සුඛ විහරණ ජීවිතයක් තිබියදී පොදු ජනතාව, දුක් විඳිsන දුවා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප කළ හැකි මිනිසුන්ගෙන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමන්විතවී තිබෙනවා. එඩිතරකම, පරිත්‍යාගය පමණක් ප්‍රමාණවත් නැහැ. නිවැරදිව මඟ පෙන්වන ව්‍යාපාරයක් තිබිය යුතුයි.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට විවිධ කලුපැල්ලම් එක්‌කරන්න මේ ආණ්‌ඩු කොතරම් උත්සාහ කරනවාද? ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳ විකෘති චිත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔවුන් සමාජයෙන් ඉවත් කළ හැකි බව ආණ්‌ඩුව හිතනවා.
ඒ අන් කවරක් හෝ නිසා නොවේ. ඡේ. ආර්. ගේ දෙවැනි ගමන එම්. ආර්. පටන් අරගෙන තිබෙන නිසා. එදා ඡේ. ආර්. ගේ මූලික අභිප්‍රාය වුණේ සියල්ල ආයෝජනය සඳහා දොරටු විවෘත කිරීමයි. සෞඛ්‍ය, ප්‍රවාහනය විතරක් නොවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේත් ආයෝජන දොරටු විවෘත කළා. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ධවල පත්‍රිකාව ගෙන ආවා. අසූ තුනේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පනත ගෙන ආවා. අධ්‍යාපනය කප්පාදු කිරීම ඡේ. ආර්. ප්‍රතිපත්තිය වුණා.
ඡේ. ආර්. විවෘත ආර්ථිකයේ පළමු ඉනිම සෙල්ලම් කළා නම් එම්. ආර්. එහි දෙවැනි ඉනිම සෙල්ලම් කරනවා. අද ආර්ථිකය මනින ප්‍රධාන නිර්ණායකය වී තිබෙන්නේ ආයෝජනය.
අපේක්‍ෂා කළ ආයෝජන ආවේ නෑ. 2009 දී ආවේ ඇමරිකානු ඩොලර් මිලියන 630 ක ආයෝජන පමණයි. 2010 දී ආවේ ඩොලර් මිලියන 500 ක ආයෝජන විතරයි. ඩොලර් මිලියනයක් අරන් ආවත් ආයෝජන මණ්‌ඩල පහසුකම් ලබාදෙන්න පසුගිය අයවැයෙන් යෝජනා කළා.
විදේශිකයකුට අප රටේ ඉඩම් මිළට ගන්න බැහැ නීතියක් තියෙනවා. ගෝල්ෙµaස් පිටියේ අක්‌කර දහය සින්නක්‌කරව ශැන්ග්‍රිලා සමාගමට දුන්නා. පළමු අක්‌කර හය ඩොලර් මිලියන හැත්තෑ පහකටයි දුන්නේ. බදු ගහන්නේ නැතිව ආයෝජන කැඳවනවා. මිළ දී ගන්නා මුදල හා සමානව බදු අය කළ යුතුයි.
දැන් ආයෝජන එන්නේ නෑ. එදා ඡේ. ආර්. ජයවර්ධන කාල් ගහපු වෙළෙඳපළ දැන් එම්. ආර්. තෝරාගන්නවා. ඒ අධ්‍යාපන වෙළෙඳපළ. බාහිර උපාධිය නතර කරලා තිබෙනවා. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල කැඳවීමේ අරමුණින්. මේ පෞද්ගලිsක අධ්‍යාපන ආයතන ආවේ අධ්‍යාපන පනතකින් නොවේ.
ආයෝජන මණ්‌ඩලය හරහා ඔවුන්ට මාලඹේ වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමත්, බියගම µeක්‌ටරියක් විවෘත කිරීමත් දෙකම එකයි.
එදා ඡේ. ආර්. අසූවේ ජූලි වැඩ වර්ජන වර්ජකයන් රැකියාවෙන් එළියට දැමුවා. පස්‌වැනි ව්‍යවස්‌ථා සංශෝධන ගෙන ආවා. කම්කරුවන්ගේ ඔලු පලමින්, දේශපාලන පක්‍ෂ, ශිෂ්‍ය ව්‍යාපාර වෘත්තිය සමිති මර්දනය කරමින් එදා ඡේ. ආර්. කටයුතු කළා. ස්‌වාධීන අධිකරණ සේවා කොමිසම ඔහුගේ ආධිපත්‍යය යටතට ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහුරමින් නඩුකාරයන්ගේ ගෙවල්වලට ගල් ගැසුවා. මීට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය එදා ඉදිරියට ආවා.
අද එම්. ආර්. ව්‍යවස්‌ථාවට දහ අටවැනි සංශෝධනය ගෙන ආවා. ජනාධිපති වීමේ වාර ගණන දීර්ඝ කර ගත්තා.
එදා වගේම අදත් කොමිසම් සභා තමන් අතට ගත්තා. එදා ඡේ. ආර්. මෙන්ම අද එම්. ආර්. හදිසි නීතිssය දීර්ඝ කර ගන්නවා. එදා ඡේ. ආර්. කම්කරු සටනේ සිටි සෝමපාලව මරා දැමුවා. අද රොෂාන්ව මරාදමනවා. එදා ඡේ. ආර්. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළා. ශිෂ්‍ය සභා අහෝසි කළා. අද එම්. ආර්. ශිෂ්‍යභාවය අහෝසි කරනවා. එදා ඡේ. ආර්. ශිෂ්‍යයන් ඝාතනය කළා. අද එම්. ආර්. ශිෂ්‍යයන්ට සිය දිවි නසාගන්න ඉඩකඩ හදනවා.
මෙරට පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනාගැනීsම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල කාර්ය භාරයක් තියෙනවා. අරගල කළයුතුව තිබෙනවා. එදා ඡේ.ආර්. රටවල් කිහිපයකට අපේ රට පාවා දෙන්න කටයුතු කළා. අද එම්. ආර්. කරන්නේත් ඒකමයි.
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය මොන වැරදි කළත් අගය කළ යුතු නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ඇය අනුගමනය කළා. ඡේ. ආර්. අපේ රට ඇමරිකාවට උවමනා ලෙස අසුරුවන්න ඉඩ දුන්නා. සෝවියට් දේශය සමඟ එක්‌ව කටයුතු කළ ඉන්දියාව කැමැති වුණේ නැහැ තමන්ගේ දොරකඩ ඇමරිකන් ගැති රාජ්‍යයක් නිර්මාණය වෙනවාට. එනිසා ඉන්දියාවට අපේ රටේ දමිළ තරුණයින්ට සන්නද්ධ පුහුණුව ලබා දුන්නා. අසූ හතේදී ඉන්දියානු හමුදාව රටට ගොඩබසිනවා. එදා ශිෂ්‍ය ව්‍යාපාරය ආක්‍රමණිකයාට එරෙහිවත් සටන් පාඨ රැගෙන මව්බිම වෙනුවෙන් අරගල කළා. අද අපි ඉන්දියානු යටත් විජිතයික් බවට පත් නොවී සිටින්නේ එදා ශිෂ්‍ය ව්‍යාපාරය අනෙකුත් ව්‍යාපාර සමඟ කළ අරගල නිසා.
එදා ඡේ. ආර්. වගේම මෙදා එම්. ආර්. ඇමරිකානු ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළා. ඒ අපේ වරාය, ගොඩබිම, ගුවන්තොට සියල්ල ඇමරිකානු හමුදාවකට පාවිච්චි කරන්න. එය යටත්වීමක් නොවේද. අද අපේ රටේ ඉටුකරන වැඩ කොටස ගැන තීරණය කරන්නේ ඉන්දියාව. ව්‍යාපෘතිs සියල්ල ඉන්දියාවට දීලා ඉවරයි. කෝ ස්‌වාධිපත්‍යය.
එදා ඡේ. ආර් ට වඩා අද එම්. ආර් යටත්වෙලා. එදා ඡේ. ආර්ට එරෙහිsව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ආවා. එදා කළේ යුක්‌ති සහගත අරගලයක්. කාලයේ වැලිතලාවෙන් ඒ අරගලය මකා දමන්න බෑ. එදා අසූව දශකයේ අභියෝග හා සමානවම ඊටත් වඩා වැඩි අභියෝග අද අප ඉදිරියේ තියෙනවා.
දකුණු ආසියාවේ නැති ශිෂ්‍ය ව්‍යාපාරයක් අද ශ්‍රී ලංකාවේ තියෙනවා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, තැලෙන පෑගෙන පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙනුවට "යර්ස් සර්" කියමින් නිවට නියාලු ශිෂ්‍ය ව්‍යාපාරයක් බිහිකරන්න එම්. ආර්. කටයුතු කරනවා. නියෝගයන්ට අවනත වීමේ ශිෂ්‍ය ව්‍යාපාරය බිහිකිරීමේ බොළඳ අසාර්ථක උත්සාහයක ආණ්‌ඩුව සිටිනවා. එක එක නායකයන්ට එක එක මනෝ ව්‍යාධි තිබෙනවා. නිවට නියාලු ශිෂ්‍ය ව්‍යපාරයක් හදන්න අපි ඉඩදෙන්නේ නැහැ. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණ බලඇණිය වන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. ඕනෑම පරිත්‍යාගයකට සූදානම් ශිෂ්‍ය ව්‍යාපාරයක් තමයි මේ. යහපත් රටක් හැඳීමේ කාර්යභාරයට උරදීමේ වගකීම සමාජවාදී ශිෂ්‍ය සංගමය සතුයි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්‌ඩල කමිටුවේ සාමාජික දුමින්ද නාගමුව මහතා
ඉතිහාසයේදී තම දෙවුර මත වූ වගකීම ඉටුකරන්න දිවිකුසුම පරිත්‍යාග කළ සිසුන් සැමරීම සඳහා දිවයිනේ හතර දිග්භාගයෙන්ම සහභාගිවී තිබෙනවා. ඉපදෙන හැම කෙනෙක්‌ම මිය යනවා යන්න සත්‍යයක්. ඒ මිය ගිය අය සමරන්න විවිධ ආගමික කටයුතුවල නිරත වෙනවා. ඒ මියගිය අයගේ ඥතීන් වසර විස්‌සක් විසිපහක් ඒ සැමරුම කළ පසු මතකයෙන් ඈත් වෙනවා. ඒත් මේ විරු සිසුවන් නොදුටු දහස් ගණනක් භක්‌ති ආදරයෙන් අද මෙතැනට රැස්‌ව සිටිනවා. මේ පරම්පරාව සදාකාලිකව නිදහස අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන අයගේ හදවත් තුළ රැඳේවි. මේ විරුවන් සදාකාලිකව අප හදවත්වල රැඳී සිටිනවා.
සරසවි සිසුන් හයසිය විසිතුනක්, පාසල් සිසුන් දහස් ගණනක් දිවි පරදුවට තබා රැකගත් අධ්‍යාපන අයිතිය අද දහස් ගණනක් භුක්‌ති විඳිනවා. ඒ එදා ඔවුන් කළ කැපකිරීම් නිසා වෛද්‍ය ශිෂ්‍යයෝ විතරක් එකසිය විස්‌සක් මැරුණා. වෙනුරලා, ත්‍රීමා විතානලා.. ජීවිත කැප කළා. අයුක්‌තිsය අසාධාරණය ඉදිරියේ දණින් වැටෙන මිනිසුන්ට නොව ඊට අභියෝග කරන මිනිසුන්ට පමණයි මේ සමාජය වෙනස් කළ හැක්‌කේ.