If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 9, 2011

නායකත්ව පුහුණුවේදී සිසුවියකගේ පාදය කැඩෙ.

Sri Lanka Guardian


මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරේ සිසු නායකත්ව පුහුණුවකට සහභාගී වෙමින් සිටි සරසවි සිසුවියක් අඩි පහක් පමණ උස තාප්පයකින් පනිද්දී අද වැටී වම් පාදය කැඞී සැත්කමක් කළ බව වෛද්‍යවරු හා මවුපියෝ කියති.

අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, තිසාවැව වටවන්දාන පාරේ ලිපිනයේ කේ.එස්. සෙව්වන්දි (20)* මේ ආබාධයට ලක් වූවාය.

පසුගිය මැයි 22 දා සෙව්වන්දි සිසුවිය නායකත්ව පුහුණව සඳහා මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරට ගොස් ඇති අතර අටවැනි දිනයේ දී මේ අනතුර සිදුවී ඇත.

පුහුණු කඳවුරේ දී ඇයට තාවකාලික ප‍්‍රතිකාර දී දින දෙකකට පසුව අරලගංවිල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රෝහලේ විකලාංග සහ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුසල් කරුණාරත්න මහතා සැත්කමක් කෙළේය.

මාස තුනක් යනතුරු එම පාදය බිම නොතබන ලෙස ඇයට උපදෙස් දී ඇත.

දියණියගේ ආවතේවකම් කිරීමට සිදුවීම නිසා තමා කළ සුළු රැුකියාවට ද යන්නට නොහැකි වී ඇතැයි ඇගේ මව ඩබ්ලිව්.එම්. මල්ලිකා (41)* මහත්මිය කියන්නීය.

‘‘දුවගේ තත්තාත් ජීවතුන් අතර නැහැ. දුවගේ වැඩ තනියම කරන්න බැරි නිසා පුතාත් දැන් ගෙදර. ඔහු කළ සුළු රැුකියාවට යන්නත් නෑ. අපට එතරම් ආර්ථික ශක්තියක් නැහැ’’යි ඇය පවසන්නීය.