If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, June 10, 2011

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජික සංඛ්‍යාව වැඩිවෙයි

Divaina

රනිල් ධර්මසේන

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව කොමිෂන් සභාවේ මෙතෙක්‌ හතක්‌ව පැවැති සාමාජික සංඛ්‍යාව පහළොව දක්‌වා වැඩි කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙයට අමතරව විශ්වවිද්‍යාලවල පාලක සභාවල සාමාජික සංඛ්‍යාවද වැඩිකෙරේ.

නීති, මූල්‍යතත්ත්ව සහතික, රාජ්‍ය නොවන උසස්‌ අධ්‍යාපන, තෘතීය අධ්‍යාපන, වෘත්තීය, රාජ්‍ය හා පෞද්ගලික මෙන්ම උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයද නියෝජනය වන පරිදි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ කටයුතු පුළුල් කිරීමට මෙමගින් පියවර ගැනේ.

මේ සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත හා ඊට අදාළ 1985 අංක 07 දරන (සංශෝධිත) පනත හදිසි පනතක්‌ සේ සලකා සංශෝධනය කිරීමට නියමිතය.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.