If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, June 9, 2011

සරසවි සිසු නායකත්ව පුහුණවේ 2 අදියර 17 ඇරඹෙයි

Ada Derana
නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර අති සාර්ථකව නිමවෙමින් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පුරා සති තුනක කාලයක් අදාල පාඨමාලාවේ පළමු අදියර පුහුණු මධ්‍යස්ථාන 28ක දී ආරම්භ කළ බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය.

ඒ සඳහා ඉල්ලුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 82 .5% ක් පාඨමාලාව සඳහා සහභාගී වූ බව ඔහු පෙන්වා දෙයි.

පාඨමාලා‍වේ දෙවන අදියර මේ මස 17 වන දින ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බවත් මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහසක් ඒ සඳහා සහභාගී කරවා ගැනීමට අපේක්ෂිත බවත් සුනිල් ජයන්ත නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය