If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 31, 2011

බැරැක්‌ක ජීවිතයට වඩා සරසවි සිසුන්ගේ ලෝකය විශාලයි

    
බිමල් රත්නායක
විශ්වවිද්‍යාලයට තේරී පත්වන සිසුනට නායකත්ව පුහුණුවක්‌ ලබාදීම මේ දිනවල සිදුකෙරේ. මෙය නායකත්ව පුqහුණුවක්‌ බව ආණ්‌ඩුව කියද්දී විපක්‍ෂය පවසන්නේ හමුදා පුහුණුවක්‌ බවය.

කෙසේ වෙතත් මේ පුහුණුව පිළිබඳ විපක්‍ෂයෙන් විවිධාකාරයේ චෝදනා ද ආණ්‌ඩුවෙන් ඊට පිළිතුරු ද මාධ්‍ය ඔස්‌සේ දකින්නට, අසන්නට, කියවන්නට ලැබේ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමඟ මෙම පුහුණුව පිළිබඳව කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.


විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුව දැන් පවත්වාගෙන යනවා. ජනතා විමුක්‌ති පෙරමුණ තවමත් මේ පුහුණුවට විරුද්ධද?

ඔව්... මේ නායකත්ව පුහුණුව කියන නමට මුවාවෙලා ආණ්‌ඩුව සිසුන්ට ලබාදෙන පුහුණුවට අපි විරුද්ධයි. ආණ්‌ඩුව කියන්නේ සරසවි සිසුන්ගේ විනය සෑදීමේ අරමුණින් මේ පුහුණුව ලබාදෙන බවයි. ඒ නිසා තමයි හමුදා කඳවුරු තුළ මේ පුහුණුව කරන්නේ කියා ආණ්‌ඩුව කියනවා. යම් කණ්‌ඩායමක විනය කියන එක තීරණය වන්නේ ඒ කණ්‌ඩායම හෝ ප්‍රජාව කරන - කියන දේ අනුවයි. යුද්ධ කරද්දී නියෝග හරියාකාරව ක්‍රියා කරන්න තමයි හමුදාවේ විනය හදලා තියෙන්නේ. ඒ වුණාට මේ හමුදා සොල්දාදුවන් මාතරදී විනිසුරුවරුන්ට බිම දමාගෙන පහර දෙනවා. ඒaත් කඳවුර තුළදී සොල්දාදුවන්ට එහෙම කරන්න හැකියාවක්‌ නැහැ. මේ සොල්දාදුවන්ගෙන් බහුතරයක්‌ රටේ බරපතල අපරාධවලට සම්බන්ධ බව මාධ්‍යවලින් නිතර හෙළිවෙනවා. ඉන් පැහැදිලියි හමුදාව තුළින් හැදූ විනය බාහිර සමාජයේදී ඔවුන්ගෙන් ප්‍රකාශ වන්නේ නැහැ කියලා. හමුදාවේ විනය හදන්නේ හමුදාව තුළ විනය රකින්නයි. වෛද්‍ය වෘත්තිකයන්ට හදන විනය මීට වඩා වෙනස්‌. මාධ්‍යවේදීන්ගේ විනය තමයි දේශපාලනඥයන්ට ගැති නොවී පොදු මතය නියෝජනය කරමින් ලියන්න, කියන්න පුළුවන් වීම. මුදලට, වරප්‍රසාදවලට නොවිකිණී වැඩ කරන එක. සරසවි සිසුන් අධ්‍යාපන මට්‌ටමින් ඉහළ හැකියා පෙන්වූ අය. අනාගතයේදී රටේ විවිධ වෘත්තිකයන් බවට පත්වන පිරිසක්‌. ඔවුන් තුළ ගොඩනැඟිය යුත්තේ වෘත්තීය මට්‌ටමින්, වගකීම්සහගත බව හා රටේ සාමාන්‍ය ජනතාවගේ මුදලින් ඉගෙනගන්නා නිසා සමාජයට සේවය කිරීමේ මානසිකත්වයක්‌. අද සාමණේර හිමිවරුන්ගේ විනය පිරිහිලා කියල කියනවා. එහෙම නම් පන්සල්වල විනය හදන්නත් හමුදාවට භාර දෙනවද? මේ සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ප්‍රාථමික, අමන දේශපාලන ක්‍රියාවක්‌. දේශපාලන වෛරය හා යම් ආකාරයකට එස්‌. බී. දිසානායක ඇමැතිවරයාගේ හීනමානයත් මේකට බලපාලා තියෙනවා. මේ පදනමින් තමයි අපි මේ පුහුණුවට විරුද්ධ.

මේ ලබාදෙන්නේ සරසවිවලට පැමිණෙන දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ මානසික ඒකාග්‍රතාවය ඇති කරවන පුහුqණුවක්‌ බවයි පසුගියදා උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළේ... එවන් පුහුණුවක්‌ වරදක්‌ වන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය දේශපාලන හා සමාජමය ලෙස අතිශය වැදගත්. මම සියයට දාහක්‌ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඕනෑම කෙනෙක්‌ සමාජය දෙස බලන්නේ තමන් සහ තම පවුල හරහායි. එස්‌. බී. ඇමැතිවරයා පිළිඅරගෙන තියෙනවා තමන් නවක වධය දුන් කෙනෙක්‌ කියලා. ඒ වගේම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගත වූ කෙනෙක්‌. විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන්ට පරුෂ වචනයෙන් කතා කරනවා කියා ඇමැතිවරයා කීවාට ඊටත් වඩා බරපතල වචන ප්‍රකාශ කරලා තමයි ඔහු හිරේ ගියේ. සරසවිවල ලිංගික පීඩනය ගැන කියනවා. සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කරලා විශාල මාළිගා හැදුවා කියා විවේචනයට ලක්‌ වූ අයෙක්‌. අවුරුදු කීපයකදී අවම ලෙස පක්‍ෂ විනයවත් නොමැති, ජනතාව විසින් ලබාදෙන වගකීමක්‌ භාරගන්න බැරි කෙනෙක්‌... මෙවන් චරිතයකට තමයි රටේ උසස්‌ අධ්‍යාපනය සහ දරුවන් භාරදී තිබෙන්නේ. ඉතින් ඔහු මේ දරුවන් දෙස බලන්නේත් ඔහු වගේය යන බැල්මෙන්. මේක හීනමානයක්‌. මෙවැනි මානසිකත්වයක්‌ ඇති අයට වැඩි වගකීමක්‌ ලැබුණාම පරපීඩක මානසිකත්වයකින් කටයුතු කරන්නේ. එනිසා එස්‌. බී. ඇමැතිවරයා කියන දේ රටේ ජනතාව ශත පහකටවත් පිළිගත යුතු නැහැ. ඔහු සත්‍ය නැහැ. අවංක නැහැ. පුරාඡේරු කියන හීනමානයෙන් යුත් පුද්ගලයෙක්‌. නන්දෙඩවිල්ලක්‌ තමයි කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නය තමයි රටේ උසස්‌ අධ්‍යාපනය මෙවැනි අයකුට භාරදීම. හනුමන්තා බවට අද ඔහු පත්වෙලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට, මර්දනය හරහා සරසවි සිසු අරගලවලට, මේ හනුමන්තා ගිනි තියා ගෙන යනවා. ඔහු කතා කරන්නේ ඔක්‌ස්‌µර්ඩ්, කේම්බ්‍රිඡ් තත්ත්වයට අපේ විශ්වවිද්‍යාල පත්කරනබවයි. ගෙනයන්නේ ඒ සම්ප්‍රදාය නම් ඒවායෙත් මෙවැනි නායකත්ව පුහුණු ලබාදෙනවද? එනිසා මේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදිත්, එළියේදිත් කියන දේ දැක්‌මක්‌ ඇතිව කියන කතා කියා හිතන්නේ නැහැ.

මේ නායකත්ව පුහුණුව ලබන සිසුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ "මේ පුහුණුව µන් එකක්‌" කියා. පුහුණුව පිළිබඳ පුහු බියක්‌ ඇති කළේ ජ.වි.පෙ. බවටත් චෝදනා කරනවා. ඔබ මේ චෝදනා පිළිගන්නවාද?

ඔබට හමු වූ සිසුන් එහෙම කියනවා ඇති. ඒත් අප හමුවෙන්න මේ සිසුන්ගේ දෙමව්පියන් එනවා. දින තුනක්‌ වැසිකිළි යන්න නැතිවීම µන් එකක්‌ ද දන්නෙ නැහැ. විශ්වවිද්‍යාලයට තේරිලා ආරම්භක කටයුත්ත ලෙස මදුරුවෝ තළ තළා බැරැක්‌කවලට වී ඉඳීම µන් එකක්‌ ද දන්නෙ නැහැ. තම මවට හා පියාට දරන්න බැරි ජීවන වියදමක්‌ තියෙද්දි මේ පුහුණුවට අමතර වියදමක්‌ දරන්න වීම µන් එකක්‌ ද දන්නෙ නැහැ. එම නිසා මේක µන් එකක්‌ සහ අර්ථාන්විත දෙයක්‌ කියා හිතන සිසුන් ඉන්න පුළුවන්. නමුත් අපට නම් එවැනි සිසුන් හමුවන්නේ නැහැ. මේ සිසුන් සහ ජවිපෙ අතර අපි දකින්නේ මෙවැනි විවාදයක්‌ නොවේ. හොඳයි, ඔබට හමු වූ සිසුන් මේ පුහුණුව µන් එකක්‌ ලෙස හඳුන්වනවා නම්, බහුතර සිසුන් එය විනෝදකාමී පුහුණුවක්‌ කියා කියනවා නම් එවැනි µන් එකක්‌ තුළ කොහොමද ආණ්‌ඩුව කියන විනය හැදෙන්නේ. ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයක සිසුන්ට නොකරන ලෙස හමුදා කඳවුරු තුළ කරන µන් එක ගැන අපට නම් විශ්වාසයක්‌ නැහැ. සිසුන්ගේ විනය සහ නායකත්වය ගොඩනැංවිය යුත්තේ ඔවුන් කරන්න යන දේ තුළයි. ආණ්‌ඩුව පක්‍ෂ භේදයෙන් තොරව දෙමාපියන්ගේ විවේචනයට ලක්‌වෙලා. එම නිසා බිය ඇති කරන්න ජවිපෙ කටයුතු කළාය කියනවා. සරසවි සිසුන්ගේ විනය හදනවා නම් අපි ඒකට සීයට දාහක්‌ කැමැතියි. ඒත් විනය හදන මුවාවෙන් කරන විකාරයට අපි කැමැති නැහැ. මේ පුහුණුව µන් එකක්‌ කියා සිසුන් කියනවා නම් අපිට කිව හැක්‌කේ මේක මෝඩ µන් එකක්‌ කියලා විතරයි.

මේ පුහුණුව නීති විරෝධී බව ජවිපෙ ප්‍රකාශ කර තිබුණා. එසේ කීවේ කිනම් පදනමක්‌ මතද?

ඔව්... මේ පුහුණුව නීති විරෝධියි. සරසවි සිසුන්ට හමුදා හෝ වෙනයම් පුහුණුවක්‌ ලබාදෙනවා නම් එය රටේ නීති පද්ධතියට අනුකූල විය යුතුයි. ඔය කියන පුහුණුවේ විෂය මාලාව සකස්‌ කළේ කවුද? මේ පුහුණුවට යොදා ගන්නා සිසුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් සෘජුව අයිති සිසු කණ්‌ඩායමක්‌ නොවේ. උසස්‌ පෙළ අවසන් කරලා විශ්වවිද්‍යාලයට යන අතරමඟ ඔවුන් ඉන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටුවා තිබෙන්නේ පනතකින්. ඒත් අද කොමිසමේ සභාපතිවරයා සංස්‌ථාවක සභාපතිවරයෙක්‌. දේශපාලන හෙංචයියෙක්‌ වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බලපෑම් කරන්න උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට බලයක්‌ නැහැ. මේ ශිෂ්‍යයන් අනාගත සරසවි සිසුන්... එම නිසා ඔවුන් අයත්වන්නේ සෘජුවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. එම නිසා මේ අය වෙනුවෙන් ලබාදෙන පුහුණු පාඨමාලා ඕනෑම එකක විෂය මාලාවන් සැකසිය යුත්තේ අදාළ විශ්වවිද්‍යාලයයේ සනාතන සභාවලින්. ඒත් මේ ලබාදෙන හමුදා පුහුණුවේ විෂය මාලාව සනාතන සභාව සැකසූ එකක්‌ නොවේ. මේ විෂය මාලා හදලා තියෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ඡායාරූපය සහිතවයි. මේ සිසුන්ගේ සමායෝජන ක්‍රියාවලිය කළ යුත්තේ ආචාර්යවරු, ශිෂ්‍යයන්, දෙමාපියන් සහ අනධ්‍යයන සේවකයන් සමඟ මිස හමුදා බැරැක්‌ක තුළ නොවේ. නායකත්ව පුහුණුව, විනය, සමායෝජන ක්‍රියාව සිසුන්ට අවශ්‍යයි. ඊට ගැළපෙන වැඩසටහන්, උසස්‌ අධ්‍යාපන ආයතන, පෞද්ගලික අංශයේ වාණිජ කර්මාන්ත අංශ ආදිය සම්බන්ධ කරගෙන කළ යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ ලෝකය හමුදා බැරැක්‌කවල ජීවිතයට වඩා ලොකුයි. සනාථන සභාව මැදිහත් වුණා නම් මේ පුහුණුවේ විෂය මාලාව සහ ක්‍රියාවලිය වෙනස්‌. අනෙක සරසවි සිසුන් ටේබල් මැනර්ස්‌, භෝජනාගාර පිළිවෙත් හමුදාවෙන් ඉගෙනගන්න ඕනේ නැහැ. ඒ සඳහා ප්‍රසිද්ධ හෝටල් කළමනාකරුවන් යොදාගන්න පුළුවන්. ශාරීරික පුහුණුව සඳහා හමුදාව අවශ්‍ය නෑ. ඒ සඳහා ක්‍රීඩා උපදේශකවරු ඉන්නවා. අනෙක හමුදාවේ අයට සුවිශේෂී ඉංග්‍රීසි පුහුණුවක්‌ තියෙනවද සරසවි සිසුන්ට ඉංග්‍රීසි පුහුණුව ලබාදෙන්න... එම නිසා අනාගතයේදී ගනුදෙනු කරන්නට සිදුවන කණ්‌ඩායම්වල සහභාගිත්වය ඇතිව මේ පුහුණුව සරසවි සිසුනට මීට වඩා පුළුල් ලෙස බුද්ධිමය සංවාදයක්‌ සහිතව කළ හැකියි. එම නිසා ජවිපෙ මේ පුහුණුවට පුහු භීතිකාවක්‌ මැව්වා කියන එක වැරදියි. අපි කියන්නේ මේ පුහුණුව සඳහා පෙර කී ආකාරයේ විද්‍යානුකූල ප්‍රවේශයක්‌ අවශ්‍ය බවයි.

මේ පුහුණුව නිසා සිසුන්ගේ ඔළුව සේදෙනවා. පුහුණුව ලබා පැමිණෙන සිසුන් බාගන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය අසීරු වෙනවා. ඒ නිසා තමයි ජවිපෙ මේ පුහුණුවට විරුද්ධ කියා මතයකුත් ඇතැමුන් අතර තිබෙනවා?

ඇත්තටම මම දන්නෙ නැහැ ඔය අහන්නෙ "දිවයින" පත්තරේට ජවිපෙ ගැන තියෙන චෝදනාද කියලා මේ ප්‍රශ්නයේදී ඔවැනි සාකච්ඡාවක්‌ නැහැ. නැති ප්‍රශ්න මේක සමඟ ගැටගහගන්න ඕනෑ නැහැ. මේ පුහුණුව මහජන සංවාදයකින් තොරව, විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන් සමඟ සංවාදයකින් තොරව කඩිනමින් කරන විගඩමක්‌. ජවිපෙ විශ්වවිද්‍යාල තුළ විතරක්‌ නොවේ හැම ක්‍ෂේත්‍රයකම දේශපාලනය කරනවා. ඔය කියන ආකාරයට මේක ඔළු සෝදන ව්‍යාපාරයක්‌ නම් ඒකත් වැරදියි. ආණ්‌ඩුව මේ ඔළු සෝදන්නේ රාජපක්‍ෂ පවුල ඉදිරියේ දණ ගහන්න කියලා නම්... ඔබ ඔය ප්‍රශ්නය ඇහුවේ ඔබට ලද තොරතුරු මත පදනම්ව නේ... ඉතින් මේ ඔළු සෝදන්නේ ජාතික උවමනාවකටද? අඳබාල දේශපාලනයට ඉත්තෝ ගැත්තෝ කරන්නද? මේ සිසුන්ගේ විෂය මාලාව මම දුටුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය යොදා තිබෙනවා ඔහු විශ්වවිද්‍යාලයට සම්බන්ධයක්‌ නැහැ. විශ්වවිද්‍යාල සිසුන් පිළිබඳව ආණ්‌ඩුව කටයුතු කරන අයුරු තේරුම් ගත හැකියි. එස්‌. බී. ඇමැතිවරයා සහ ආණ්‌ඩුව සරසවි ආචාර්යවරුන් පිළිබඳ කටයුතු කරන ආකාරයෙන් මේ ආචාර්යවරුන්ව වසර කීපයක්‌ තිස්‌සේ රවටනවා. විශ්වවිද්‍යාල සිසුන්ට, ජවිපෙට ආණ්‌ඩුව කරන දේ අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ පුහුණුව ඔළු සෝදන ව්‍යාපෘතියක්‌ නම් එය බරපතල වරදක්‌. එහෙම නම් ඔක්‌ස්‌µර්ඩ්, කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලවලට ගන්නෙත් ඔළු හෝදලා ද කියා එස්‌. බී. ඇමැතිවරයා කිව යුතුයි.

අද සමාජ ප්‍රශ්නවලට ජනතාවගේ නැගිටීම ඔළු සේදුවත්, නැතත් වළක්‌වන්න බැහැ. ජ.වි.පෙ. හිටියත් නැතත් ඒක වෙනවා.

හොඳයි ජවිපෙ ඇතුළු විපක්‍ෂය කොතරම් විරුද්ධ වුණත් දැන් මේ පුහුණුව ලබාදෙනවා. එය නතර කරන්න මොනවද කළ හැක්‌කේ?

මේ ආණ්‌ඩුව විපක්‍ෂයේ මතය විතරක්‌ නොවේ දෙමව්පියන්ගේ මතයත් පිළිගන්නේ නැහැ. මම දන්නේ නැහැ ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ මතය කුමක්‌ද කියලා. ආණ්‌ඩුව කියනවා මේක නායකත්ව පුහුණුවක්‌ කියලා. "රට බාරයි ඔබට පුතේ" කියලා අවුරුදු පනහක්‌ විතර පරණ සිsංදුවකුත් තියෙනවා... මේවා සත්‍ය වන්නේ සුවිශේෂී දේශපාලන පක්‍ෂ කීපයකට සහ ඒවායේ දේශපාලනඥයන්ගේ දරුවන්ට විතරයි. දැන් මේ සරසවි සිසුන් නායකත්ව පුහුණුවක්‌ ලබාගෙන ආවත් දේශපාලනයට, ආර්ථික ක්‍ෂේත්‍රයට, හමුදාවේ හෝ ක්‍රීඩාවේ නායකත්වය සඳහා ඉඩ දිය යුතුයි. ඒත් මේ සිසුන්ට දේශපාලනයෙන් ඉදිරියට යන්න ඉඩ තියෙනවද? ජනාධිපතිවරයාගේ ඊළඟ සැලැස්‌ම පුතාට රට භාරදෙන්න.... මල්ලි ආර්ථිකයට සම්බන්ධයි. අනෙක්‌ මල්ලි ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානියා... අයියා පාර්ලිමේන්තුවේ නායකයා. අයියගේ පුතා ඌව පළාතේ නායකයා. අගමැතිගෙ බෑනත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌. කැබිනට්‌ මණ්‌ඩලයේ අතිබහුතරයකගේ පුත්තු, මල්ලිලා, සැමියන් පළාත් සභාවේ. නායකත්ව පුහුණුව දුන්නාට මේ සරසවි සිසුන්ට යන්න ඉඩක්‌ තියෙනවද? ආර්ථිකයත් එහෙමයි... හමුදාවේ ප්‍රධාන තනතුරු ගත්තාමත් එහෙමයි. ක්‍රීඩාව කරන්නේ ක්‍රීඩා ඇමැති නොවේ. අධ්‍යාපනයේ තමයි යම්තාක්‌ දුරට ඉඩකඩ තියෙන්නේ. ඒ සඳහා ඉගෙනීම අවශ්‍ය නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනැවිත් ආචාර්යවරුන්ට අර්බුද නිර්මාණය කරලා ඒ ඉඩකඩත් අහුරන්න හදනවා. විශ්වවිද්‍යාල සිසුන්ට විනයක්‌ දෙන්න කලින් මේ ආණ්‌ඩුවේ ඉන්න කැබිනට්‌ ඇමැතිවරුන්ගේ විනය හැදිය යුතුයි. මේ ආණ්‌ඩුවේ බහුතරයක්‌ අමු දූෂිතයන්. ජාතික සම්පත් විනාශ කරනවා. ඒවාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා පාලකයන් ද විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය හදන්නද සුදානම් වන්නේ... එනිසා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ආණ්‌ඩුවට දේශපාලන ප්‍රශ්න තියෙනවා විරුද්ධ පක්‍ෂ සමඟ. ඒක ඒ පක්‍ෂ සමඟ කෙළින් බේරාගන්නේ නැතිව එය දඩමීමා කරගෙන ජීවිතයේ අලුත් ප්‍රාර්ථනා, සුන්දර සිහින මවාගෙන සරසවියට පාතබන්න ඉන්න සිසුනට විකාර හමුදා පුහුණුව දීලා ශාරීරිකව පීඩා කරමින් ආණ්‌ඩුව කරන්නේ විරුද්ධ දේශපාලන පක්‍ෂ සමඟ ඇති වෛරය, ක්‍රෝධය පිටකරන එකයි.

උසස්‌ අධ්‍යාපන ආයතන, ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල වෘත්තිකයන්, පෞද්ගලික අංශයේ කර්මාන්ත හිමියන් ඒකරාශී කරගෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය, දැනුම, සමාජ චාරිත්‍ර - වාරිත්‍ර පිළිබඳ අවබෝධයක්‌ ලබාදිය යුතුයි. එවැනි පුහුණුවක්‌ ලබාදීම සඳහා ඉදිරියට එන්න කියා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්‌ඩුව කටයුතු කරන්නේ විපක්‍ෂයට විතරක්‌ නොවේ මුළු රටටම ඇහුම්කන් නොදීමයි. විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව දීම තුළින් මේ ආණ්‌ඩුව තමන් සමඟ සිsටින සමාජ විද්‍යාර්ථයන් ඉවත් කර ගන්නවා. ආචාර්යවරුන්ට නොසලකාහැරීම නිසා තවත් තීරුවක්‌ නැති කර ගන්නවා. හිතුවක්‌කාරී ලෙස පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්‌ ගෙනඑමින් තවත් කොටසක්‌ අහිමි කර ගන්නවා. හිරේ ගිය, අනෙක්‌ පක්‍ෂවලින් පැන ආ අයගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ බිහි වූ අන්ත දූෂිතම ඒකාධිපති ආණ්‌ඩුවට සරසවි සිසුන්ගේ තියා රටේ විනයවත් හදන්න බැහැ. මේ විනය හදන්න පුළුවන් වන්නේ විනයගරුක දේශපාලන පක්‍ෂයකට විතරයි.

http://www.divaina.com/2011/05/31/feature01.html

අජිත් අලහකෝන්