If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Sunday, May 15, 2011

වෘත්තීය අරගලය දියාරු කරන්නට කිසිම සූදානමක් නෑ

- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියයි

පසුගියදා ආරම්භ කෙරුණු වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් පැවැත්වූවා.


එහිදී අදහස් දැක්වූ එම සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනට ගෙන යන සටන කිසිදු අන්දමකින් දියාරු කිරීමට සූදානමක් නොමැති බව ද මෙය ජීවිතයත් මරණයත් අතර සටනක් බව ද කියා සිටියා.


ඇතැම් පුද්ගලයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාවක් ලෙස විග‍්‍රහ කරන්නේ විශ්වවිද්‍යාල පිළිබඳව අවබෝධයක් නොමැති වීම නිසා බවද ඔහු සඳහන් කළා.

Link: http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2390&b=1&c=o