If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 20, 2011

නායකත්ව පුහුණුව කල්දැමීම ගැන සොයාබලන්නැයි දැනුම්දෙයි

නායකත්ව පුහුණුව කල්දැමීම ගැන සොයාබලන්නැයි දැනුම්දෙයි

May 20, 2011  02:36 pm
විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා ජූනි 23 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ නායකත්ව පුහුණු සංවර්ධන වැඩසටහන දින 07 ක කාලයක් අත්හිටුවීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

අදාළ පුහුණු වැඩසටහන අභියෝගයට ලක්කරමින් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරිපත් කළ පෙත්සමක් අද(20) කැඳවූ අවස්ථාවේදී කේ. ශ්‍රීපවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ බව නීතිපතිවරයාට දැනුම් දී සිටියේය.

අත්තනෝමතික ලෙස ආරම්භ කරන මෙම පාඨමාලාව නිසා සරසවි සිසුන්ට අගතියක් සිදුවන බව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරාය අධිකරණයට කියා සිටියේය.

එමනිසා එම පාඨමාලාව අත්හිටුවීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට දැඩි විරෝධය පළකළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා මෙම පාඨමාලාව සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දුන්නේය.

එය අත්හිටුවනු ලැබුවහොත් රජයට දැඩි අගතියක් හා පාඩුවක් සිදුවිය හැකි බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.

අදාළ පාඨමාලාව දින 07 ක කාලයක් අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මෙම පෙත්සමේ වැඩිදුර සලකා බැලීම ලබන 24 වන දා සිදුකිරීමට නියෝග කෙරුණි.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16220