If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 27, 2011

විශ්වවිද්‍යාල සේවකයන්ට අයවැයෙන්

සුගත් වීරසූරිය

විශ්වවිද්‍යාල සේවකයන් සඳහා පසුගිය අයවැය මගින් කිසිදු වැටුප් වැඩිවීමක්‌ සිදුවී නැති අතර එයින් ලැබුණු එකම ප්‍රතිලාභය රාජ්‍ය සේවකයන්ට ලබාදුන් වැටුප් මෙන්ම ජීවන අංක දීමනාව පමණ කැයි පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයීය එක්‌සත් සේවක සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව වාර්ෂිකව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවන අතර ඊට සාපේක්‍ෂව කම්කරු සේවකයාගේ සිට පරිපාලන මැදිහත්වීම දක්‌වා වන සේවා කටයුතු පුළුල් වන බවද පෙන්වා දෙන එම සංගමය එයට සරිලන සේ ප්‍රතිලාභද ලැබිය යුතු බව පෙන්වා දෙයි.

ලංකා විශ්වවිද්‍යාලයීය එක්‌සත් සේවක සංගමය මගින් නිකුත් කර ඇති නිවේදනයෙහි ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.
     


දෙදහස්‌ හය වසරේ සමස්‌ත සේවක වැටුප් වැඩි කිරීමේදී විශ්වවිද්‍යාල සේවකයාට ඊට සාපේක්‍ෂව වැටුප් වැඩිවීමක්‌ සිදු නොවීය. සිදු වූයේ පෙර ඇතිවූ වැටුප් විෂමතා ගැටලු විසඳීමට පොරොන්දු දෙමින් ඒ වෙනුවෙන් ලබාදුන් දීමනා සියල්ලම මූලික වැටුපට එක්‌ කිරීම පමණි. ඒ අනුව එදා මෙදා කාලයක්‌ තුළ විශ්වවිද්‍යාල සේවක වැටුප් සම්බන්ධව පවතින ගැටලු වර්ෂයෙන් වර්ෂය වැඩි වෙමින් පවතී. එසේම ඊට සාපේක්‍ෂව ශිෂ්‍ය සංඛ්‍යාව හා මෙවලම් හා සේවාවන්ද වැඩි වේ. මේ පිළිබඳ අවබෝධ කර නොගෙන විශ්වවිද්‍යාල සේවක ප්‍රශ්න ආණ්‌ඩු විරෝධී මතවාද ලෙස සැලකීම සාධාරණ නැත. එබැවින් මෙම වැටුප් ප්‍රශ්නය විසඳීමට සාධාරණව මැදිහත් වන ලෙස ස්‌වාධීන වෘත්තීය සමිතියක්‌ හැටියට ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

http://www.divaina.com/2011/05/27/news14.html