මෙම ක්‍රමවේදයට එකගවීමට බෑ - සමිති සම්මේලන සභාපති කියයි
නවක විශ්වවිද්‍යාල සිසුන්ට යුද හමුදා කඳවුරු තුළ දී ලබා දීමට යන නායකත්ව පුහුණු වැඩසටහනට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔවුන් කියා සිටින්නේ මෙම හමුදා නායකත්ව පුහුණුව සියලුම සිසුන්ට අනිවාර්ය කර තිබීම සහ එය ලබා දෙන ක්‍රමවේදය පිළිබඳ එකඟවිය නොහැකි හෙයින් ඊට විරෝධය දැක්වීමට තම සම්මේලනය තීරණය කළ බව එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මෙයට විරෝධය දක්වා තම සමිති සම්මේලනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරිමට බලාපොරොත්තුවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Link: http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2488&b=1&c=o