If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 26, 2011

සරසවි වසා දමා හෝ නවක වදය නැතිකරනවා

සරසවි වසා දමා හෝ නවක වදය නැතිකරනවා

 


May 26, 2011  04:18 pm


විශ්ව විද්‍යාල වසා දමා ‍හෝ නවක වදය තුරන් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

පසුගිය වසර තුළ විශ්ව විද්‍යාල තුළ නවක වදය 80% න් පමණ පහත දැමීමට හැකිවූ බව ඔහු සඳහන් කරයි.

අද(26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ක්‍රමානුකූලව පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක අමාත්‍යවරයා පැවසුවේය.

මීට අදාළ තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග එළඹෙන ජුනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16350