If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 31, 2011

අධිකරණ නියෝග මගින් වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නෑ

   
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියයි

අධිකරණ නියෝග මගින් වෘත්තීය සමිති අරගල කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය හෙළා දකින බවත් එම උත්සාහය සාර්ථක කර ගැනීමට තම සංගමය කිසිසේත් ඉඩ නොදෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ සහ වයඹ විශ්වවිද්‍යාලවල අංශප්‍රධානීන් ඉදිරිපත් කර ඇති ඉල්ලා අස්‌වීමේ ලිපිභාරගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය ඊයේ (30) නිකුත් කළ තහනම් නියෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් ‍දේවසිරි මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අද (31) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
මෙම අධිකරණය නියෝගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.

http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2638&b=1&c=o