If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 21, 2011

එස්.බී යළිත් අධිකරණයට අපහාස කරයි-අන්තරෙන් චෝදනා එස්.බී යළිත් අධිකරණයට අපහාස කරයි-අන්තරෙන් චෝදනා

එස්.බී යළිත් අධිකරණයට අපහාස කරයි-අන්තරෙන් චෝදනා

එස්.බී යළිත් අධිකරණයට අපහාස කරයි-අන්තරෙන් චෝදනා

May 21, 2011  10:55 am
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාස කිරීම හෙලාදකින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

20 දින රජයේ යෝජිත විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව දීමේ වැඩසටහනට විරුද්ධව"මානව අයිතිවාසිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය"පැවරූ නඩුවේදී පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන් ලා විසින් නීතිපතිවරයාට පහත නියෝගය කරන ලදී.

එනම්, සෙසු වගඋත්තරකරුවන් වන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක යන අය සමග එක්ව අදාළ වැඩසටහන ආරම්භ කිරීම සතියක කාලයකින් කල්දමන ලෙසය.

එකී නියෝගය ලබාදී පැයකටත් අඩු කාලයකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක විසින් විද්‍යුත් මාධ්‍ය හරහා තමන් එකී වැඩසටහන පවත්වන බවට ප‍්‍රකාශකර ඇත. මෙය නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම කෙලෙසා දමන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොසළකා ලබාදුන් ප‍්‍රකාශයක් වන අතර නීතිපතිවරයාට ලබදුන් නියෝගය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි.

එස්. බී. දිසානායක අමාත්‍යවරයා මීට පෙරද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව වරදකරුවූවකු වශයෙන් මෙය සාමාන්‍ය දෙයක් ලෙස සලකනාවා විය හැකි වුවද රටක නීතියට ගරුකරන බහුතරයක් වූ ජනතාව මෙය තරයේ හෙලා දැකිය යුතු කරුණක් වේ. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමේ නාමයෙන් සියලූම දෙනා මීට විරුද්ධව නැගී සිටිය යුතු බව අපගේ හැගීමයි.

තවද 2011 වසරේ සරසවි වරම්ලත් සියලූම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක‍්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16236