If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 27, 2011

සරසවි ආචාර්ය වැටුප් වැඩි කරන්න බැහැ- එස්.බි.

මැයි.27- ‍මෙම අවස්ථාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න විසදීමේ හැකියාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ජනාධිපතිවරයා  සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදියකු ඇමතිවරයාගෙන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එම අදහස් පළ කළේය.

"එක රැයින් 140%ක පඩි වැඩි කිරීමක් කරලා ප්‍රශ්නෙ විසදන්න බෑ.ඒ වගේම අය වැයක් අගරමග මේ ප්‍රශ්නෙ විසදන්න බෑ අපි මේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය විසදීම සඳහා අපි වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒක අපි ඊළග පියවර අපි ඊළග අයවැයේ දී බලමු කියන කාරණය තමයි කිව්වෙ  අපි විශ්වාස කරනවා. මේ ආචාර්යවරුන්ගේ ප්‍රශ්නේ අපිට ඉදිරි කාලේ දී බේරාගන්න පුළුවන් වෙයි කියල හැබැයි, මේ වෙලාවේ අපිට වැටුප් වැඩිකරීමක් කරන්න බැහැ. ඒකට හේතු තියෙනවා"

http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=10504:2011-05-27-10-11-14&catid=3:news-right

------------------------------------------------------
Please read the followings also:
රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල රාජ්‍ය බැංකු සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ දීමනා වැඩිකරයි
Salaries for Ministers, deputies totaled Rs 78.2 mn in two months