If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, May 14, 2011

නාගසේනගේ දේශපාලන ලිපියෙන්

ඉරිදා දිවයිනෙන් උපුටා ගන්නා ලදි.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්‌ඩලයගෙන යන සටන ගැන ද ජනාධිපතිවරයා මෙසේ කීවේය.

"මේකනම් හරිම අසාධාරණ ඉල්ලීමක්‌. කරන්න බැරි වැඩක්‌. කොහොමද මෙයාලගේ වැටුප් අපි 200% කින් වැඩි කරන්නේ. අපි දීල තියෙනවා 36% ක වැටුප් වැඩිවීමක්‌. එහෙම නැතුව 200% ක්‌ කොහොමවත් වැඩි කරන්න බැහැ. එයාලට වැඩි කරල ඕක දුන්නොත් ඊළඟට පටන් ගන්නවා අනධ්‍යයන සේවක මණ්‌ඩලය එයාලට 200% ක්‌ කරන්න කියලා. උන්ට දුන්නොත් ඊළඟට පටන් ගන්නවා රියෑදුරු කට්‌ටියයි, පියන්ලයි, කම්කරුවොයි. ඒ ගොල්ලන්ටත් දුන්නොත් ඇයි විශ්වවිද්‍යාලවලට විතරක්‌ කියලා අනෙක්‌ අය පටන් ගන්නවා. මේක කෙළවරක්‌ නැති වැඩක්‌ කොටි වලිගය වගේ අත අරින්න බැහැ."

මේ අසාධාරණ ඉල්ලීම්වලට එන්නේ නැතුව, සාධාරණ විදියට හිතල, කල්පනා කරල එනවා නම් මම ලෑස්‌තියි එයාලා එක්‌ක කතා කරන්න. බංකොලොත් දේශපාලන කල්ලිවල අරමුණු ඉටු කරන්න මේ වගේ සටන් ඉස්‌සරහට ගේනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමා කීවේය. මේ අයුරින් ඇදී ගිය කතාබහ එදින අවසන් වුණේ පුවත්පත් කතුවරු ජනාධිපතිතුමා සමඟ උදැසන ආහාරය ගැනීමෙන් අනතුරුවය.


Link: http://www.divaina.com/2011/05/15/politics02.html