If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Thursday, May 19, 2011

රජය සරසවි ඇදුරන් සමග සාකච්ඡා කිරීමට යයි

තවම නිල හෝ නොනිල ආරාධනාවක් ලැබී නෑ - සමිති සම්මේලනය කියයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව රජය සමග මේ මස 23 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමක් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහෙත්, අදාළ සාකච්ඡාව සඳහා තම සම්මේලනයට මෙතෙක් නිල හෝ නොනිල ආරාධනාවක් ලැබී නොමැති බව එහි සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කර සිටියා. කෙසේ වුවද රජය මේ සාකච්ඡා කරන්නට සැරසෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටින කණ්ඩායම සමග නොවන බවද ඒ මහතා අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් මේ මස 23 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් ඇති බවයි.


Link: http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=2445&b=1&c=o