If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Tuesday, May 17, 2011

සරසවි ඇදුරු ප්‍රශ්ණය විසඳුමකට ජනපති හා සාකච්ජාවක් එන සතියේ

ලංතාදීප - 17/05/2011

ආචාර්ය සංගමයේ ඉල්ලීම ඉටුවෙයි

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ජාවක් ලබන සතියේදී  පැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ලංකාදීපයට පැවසීය.

විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට බලපා තිබෙන වැටුප් ප්‍රශ්නය පිළිබඳව එහි දී දෙපාර්ශවය අතර එකඟතාවකට එළඹීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා නොදුන් බවට එම සංගමය අවස්ථා ගණනාවක දී චෝදනා කර තිබිණි.

ජනාධිපතිවරයා සමඟ සාකාච්ජාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලිපි දෙකක් යොමු කර තිබුණ ද මේ දක්වා ඊට ප්‍රතිචාර නැතැයි ද එම සංගමය ප්‍රකාශ කර තිබුණ.

මේ අතර සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබෙන වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද එම සමිති සම්මේලනය සඳහන් කරයි.

මේ නිසා විශ්වවිද්‍යාල බහුතරයක පරිපාලන කටයුතු අඩාල වී ඇති අතර ඇතැම් විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීමට ද බාධා එල්ල වී ඇතැයි ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.