If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Friday, May 13, 2011

සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් දිනාගැනීමට වර්ජනයක්‌ ඇරැඹීම ගැන අවසන් තීරණය අද

නිලන්ත මදුරාවල

සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (13 වැනිදා) පැවැත්වෙන විධායක සභාවේදී අවසන් තීරණයක්‌ ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින" ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

එම සම්මේලනයේ ආචාර්යවරුන් පසුගිය සඳුදා සිට පරිපාලන තනතුරුවලින් ඉවත්ව සිටීම මේ වනවිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ද අඩාළ වී ඇත. පේරාදෙණිය, රජරට, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ ආචාර්යවරු ද සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට පූර්ණ සහාය පළ කරමින් පරිපාලන තනතුරු අත්හැර සිටිති. මේ අතර ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සහාය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුහු ඊයේ උද්ඝෝෂණයක්‌ද පැවැත්වූහ.

ගැටලුවට විසඳුම් දෙනු වෙනුවට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විවිධ ප්‍රකාශ කිරීම නිසා මධ්‍යස්‌ථ මතධාරී ආචාර්යවරු ද දැඩි කලකිරීමට පත්ව ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවැසීය.

අද පැවැත්වෙන සම්මේ ලනයේ විධායක සභාව උණුසුම්කාරී මුහුණුවරක්‌ ගනු ඇතැයි සභාපතිවරයා කීවේය.


Link: http://www.divaina.com/2011/05/13/news12.html