If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, June 25, 2011

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

රාවය 26/06/2011

[Sunday, June 26, 2011]

එක් අතකින් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ ආත්ම ගෞරවයට සරිලන වැටුප් වර්ධකයක් ඉල්ලා කෙරෙන මහා උද්ඝෝෂණයක් පවතී. ඒ සමගම විශ්වවිද්‍යාලවලට තේරුණු නවක ශිෂ්‍යයන් හමුදා කඳවුරුවලට යවා නායකත්ව පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළ උණුසුම් වාද විවාදවලට හේතුවී තිබුණි. මේ වන විට එම පුහුණුව පිණිස හමුදා කඳවුරුවලට යවන ලද පළමු කණ්ඩායම පුහුණුව අවසන් කර තිබෙන අතර දෙවැනි කණ්ඩායම සඳහා වන පුහුණු කිරීම් මේ සතිය මුලදී ආරම්භ කර තිබේ.

එම පුහුණු කිරීම් පිළිබඳව රටේ ජනතාව දැනගත යුතුව තිබෙන මූලික කාරණා සමහරක් මෙසේය.

1. විශ්වවිද්‍යාලවලට තෝරා ගැනුණු අය අතරින් පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ සංඛ්‍යාව කොපමණද? සහභාගි නොවූ අයගේ සංඛ්‍යාව කොපමණද? පුහුණුවන්නට ගොස් ඒ වැඩසටහන එපාවී පුහුණු වැඩසටහන් සම්පූර්ණ නොකොට අතරමග අතහැර පැමිණි පිරිසක් වේද? ඔවුන්ගේ සංඛ්‍යාව කොපමණද?

2. පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ ශිෂ්‍යයන් එම පුහුණු වැඩසටහන් ගැන දරන අදහස් මොනවාද? ඔවුන් සලකන්නේ එය තමන්ට ප්‍රයෝජනවත් හා ඉදිරියටත් පවත්වාගෙන යායුතු වැඩසටහනක් ලෙසද? නැතිනම් තේරුමක් නැති ඉදිරියට පවත්වාගෙන නොයායුතු දෙයක් ලෙසද?

වඩා වැදගත් වන්නේ මේ වැඩසටහන හඳුන්වා දුන් අය ඊට පක්ෂව කියන ලද දේවල්වත්, ඊට විරුද්ධව පළවූ අදහස්වත් නොව, එම වැඩසටහන් ගැන අත්දැකීම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ ගැන කුමක් අදහස් කරන්නේද යන්නයි. ඔවුන්ගේ ඇත්ත ආකල්ප සැඟවිය නොහැකිය. පළමුවෙන්ම එය දැනගන්නට ලැබෙනු ඇත්තේ පුහුණුවට ගිය ශිෂ්‍යයන්ගේ පවුල්වල සාමාජිකයන්ටය. එය නරක දෙයක් නම් විරෝධය පළකිරීම් පළමුවෙන්ම අසන්නට ලැබෙනු ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලිනි. මෙම අලුත් අත්හදා බැලීමේ තවත් වැදගත් අදියරක් පවතී.

ඔවුන් ඉංග්‍රීසි පුහුණුව හා පරිගණක පුහුණුව සඳහා විශ්වවිද්‍යාලවලින් පිටස්තර තවත් මධ්‍යස්ථානයකට යායුතුය. පුහුණු කිරීම සඳහා තෝරාගෙන ඇති හැම මධ්‍යස්ථානයක්ම අධ්‍යාපනය සඳහා යොදා ගැනෙන නවීන ආම්පන්නවලින් යුතු බවද කියනු ලැබේ. ඉගැන්වීම සඳහා තෝරාගෙන ඇති ගුරුවරුන්ට කේරළයට යවා විශේෂ පුහුණුවක් ලබාදී ඇති බවද කියනු ලැබේ. එහි පුහුණුවට එන හැම ශිෂ්‍යයකුම ඔවුන්ට තිබෙන දැනුමේ මට්ටම් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණයකට යොමු කරන බවත් ඉන්පසු ඔවුන්ට ගැළපෙන මට්ටම් කිහිපයක් අනුව ඔවුන්ව ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය උගන්වන බවත් කියනු ලැබේ. ඉන්පසු ඔවුන්ට තමන් ලැබූ දැනුම උරගා බැලෙන විභාගයට මුහුණදීමට සිදුවනු ඇත. එක්තරා ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි හා පරිගණක සාක්ෂරතාවකින් යුතු ශිෂ්‍ය පිරිසක් ලෙස විශ්වවිද්‍යාලවලට යැවීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

ඉතාමත්ම වැදගත් දේ මෙම පුහුණුවෙන් පසු හැම ශිෂ්‍යයකුටම උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කොට රැකියාවක් ලැබීමෙන් පසු පියවිය හැකි ක්‍රමයකට ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ලබාදීමය. මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයෙහි හා දැනුම් විෂයෙහි ලොකු පෙරළියක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන හැකියාව වැඩිදුරටත් වර්ධනය වනු ඇත්තේය. තොරතුරු දැනුම වර්ධනය කොට විෂය දැනුමද වර්ධනය කරනු ඇත්තේය. දේශනවල විද්‍යුත් සටහන් ලබාගත හැකි ක්‍රමයක් ස්ථාපනය වනු ඇතැයි සිතිය හැකිය. ඉතා වැදගත් දේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉංග්‍රීසි භාෂාව විශාල ලෙස ප්‍රයෝජනයට ගන්නා හා සිය අධ්‍යාපන කටයුතු සඳහා පරිගණක භාවිත කරන ශිෂ්‍ය පිරිසක් බවට පත්වීමය. එය විශ්වවිද්‍යාල චින්තන රටාවේ සේ ම වැඩ කරන ශෛලියේ ද පෙරළියක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගෞරවය හා අභිමානය ලබාදෙන සාධකයක් ලෙස ද ක්‍රියාකරනු ඇත.

ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයක් ලබාදීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අලුතෙන් එකතු වන ශිෂ්‍යයන්ට පමණක් ලැබෙන වරප්‍රසාදයක් බවට පත් නොකළ යුතුය. ඒ වරප්‍රසාදය දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වී සිටින පැරැන්නන්ට ද ලබාදිය යුතුය. එසේ නොවතොත් එය භේදයක් ඇති කිරීමට හේතුවිය හැකිය. මේ ක්‍රමය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් සීමා නොකොට, සියලුම රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා ද යොදාගත හැකිය. කොටස් වශයෙන් වැටුපෙන් කපා ගන්නා ක්‍රමයට අඩුම මිලකට සියලුම ගුරුවරුන් සඳහා ද ලැප්ටොප් වර්ගයේ පරිගණක ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් ගුරුවරුන් ද පරිගණකවලින් වැඩ කරන තැනකට යොමු කළ හැකිය. රජයේ පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් වන අතර ඒ සියලුදෙනා පරිගණක භාවිත කරන තැනකට යොමුවේ නම් එය රටේ පරිගණක සාක්ෂරතාවයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත්තේය. ඒ තත්ත්වය ඔවුන් කෙරෙහි පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෙරෙහිද බලපායි. ඒ මගින් ඇතිවන වැදගත්ම ප්‍රතිඵලයක් වනු ඇත්තේ රටේ ගුරු පරපුර නවීන ගුරු පරපුරක් බවට පත්වීමය.

උසස් පෙළ අර්බුදය සහ හැළිය රත්වන තුරු බලා සිටීම

රාවය 26/06/2011

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර [Sunday, June 26, 2011]

මුහුදට හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීම මෝඩ කමකි. මුහුදට තව දුර තිබෙතියි කළිසම තෙමෙනකම් බලා සිටීම ඊටත් වඩා මෝඩ කමකි. මුහුදට හත් ගව්වකට කළිං අමුඩය නොගැසීමටත් කළිසම තෙමෙනකම් බකන්නිලා නොසිටීමටත් වග බලා ගත යුත්තේ එහෙයිනි. නියාපෙත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපන්න සිදු වෙනකම් බලා සිටීමේදී සිදු වෙන්නේ එක වැඩේ දෙක වීමත් හදිසියට කොරොස් කටේවත් අත දමා ගන්නට බැරි තරමට කටයුතු කාරණා සිදුවීමත් පමණි. කවර අවාසනාවටදෝ රටේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුවෙන බොහෝ කරුණු කාරණා නතර වන්නේද එක්කෝ මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීමට සැරසෙන තැනිණි. නොඑසේ නම් කළිසම තෙමෙනකම් බලා සිට වැඩේ දෙල් කර ගන්නා තැනෙණි.

මාස ගණනාවක සිට ඇදී ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය සහ එය අපොස උසස් පෙළ විභාගය සඳහා බලපෑමට නියමිත ආකාරය පිළිබඳව බලධාරීන් විසින් දක්වන ප්‍රතිචාරයන් අයිති වන්නේද මෙකී දෙවැනි වර්ගයට බැව් බැලූ බැල්මට පෙනේ. තම වෘත්තීය ක්‍රියාමාර්ගවලට සාධාරණ විසඳුමක් නොලැබුණොත් අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් තමන් ඉවත් වෙන බවට මේ වනවිටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග කොමසාරිස්වරයා නිල වශයෙන් දැනුවත් කර හමාරය. එපමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට තමන් සහයෝගය දෙන බවත්, ඔවුන් විභාග කටයුතුවලින් ඉවත් වන්නේ නම් ඔවුන් කරන කාර්යයන් කිසිවක් බාර ගැනීමට තමන් සූදානම් ද ඒ සඳහා තමන්ට හැකියාවක්ද නැති බව බහුතරයක් වූ ගුරු වෘත්තීය සමිතිද නිල වශයෙන් ප්‍රකාශ කර හමාරය.

නාමිකව දක්වන්නේ නම්, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය, සමස්තලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ශ්‍රෙAණිධාරී විදුහල්පති සංගමය, සමස්තලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සංගමය වැනි ගුරු හා විදුහල්පතිවරුන්ගේ සංගම් ඒ අතර වේ. විභාග දෙපාර්තමේන්තුව විසින් අද වනවිටත් නිකුත් කර හමාර අපොස උසස් පෙළ කාලසටහනට අනුව අදාළ විභාගය ලබන අගෝස්තු 08 වෙනි දින ආරම්භ වීමට නියමිත වේ. ඒ සැප්තැම්බර් මස 3 දින තෙක්ය. තත්ත්වය මෙසේ තිබියදී රටේ අධ්‍යාපන බලධාරීන් හැසිරෙන ආකාරය ඉතා විකාර සහගතය. මේ ගැටලුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා සහ විභාග කොමසාරිස්වරයා සතුව ඇත්තේ ඉරණම් සහගත පිළිතුරුය. මේ පිළිබඳ අප කළ විමසීමේදී නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දරුවන් ඇති දෙමව්පියන් හෙයින් ඔවුන් මේ කටයුතුවලට කෙසේ හෝ සහභාගි වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේද එසේම වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවය. එයින් එපිට ගිය පිළිතුරක් මොවුන් කිසිවකු ළඟ නැත. එකී ප්‍රාර්ථනය ඉටු නොවුණහොත් කටයුතු කිරීමට වැඩ පිළිවෙළක් ඇත්දැයි අප නගන ප්‍රශ්නයට මොවුන් නිරුත්තරය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන වගකිව යුත්තා වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ චර්යාව කවරක්දැයි මේ අවස්ථාවේදී විමසා බැලිය යුතුය. අධ්‍යාපන අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ඇත්තේ තරමක චණ්ඩිකමින් සහ පම්පෝරිවලින් පිරුණු චර්යාවකි. පසුගිය 17 වනදා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විශ්වවිද ්‍යාල ආචාර්යවරුන් විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් වැඩවලින් ඉවත් වුවහොත් ප්‍රශ්නයක් නැති බවත්, ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සිටින වෙනත් පුහුණු නිලධාරීන් යෙදවීමට තමන්ට හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ඒ අනුවය.

මේ නම් නොසලකා හැරිය නොහැකි ප්‍රකාශයකි. මන්ද බන්දුල ගුණවර්ධන මහතා වනාහි කලකට පෙර ලංකාවේ නම් දැරූ පෞද්ගලික පංති ගුරුවරයෙකි. තම ප්‍රකාශවල තිබෙන විහිළුසහගතභාවය ඔහු නොදන්නවා යැයි සිතිය නොහැක්කේ එහෙයිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොමැතිව මේ කාර්යය කිරීම කළ නොහැකි බවට එතුමා තරම් දන්නා වෙනත් කෙනෙකු සිටිය නොහැක.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උදම් ඇනීම එතැනිනුදු නතර නොවේ. මෙවර ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය සඳහා පාසල් ගුරුවරුන් හතලිස් එක් දහසක් අයදුම් තර ඇති බවත් තමන් ඉන් තෝරා ගන්නේ තිස් දහසක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කරයි. එය සැබෑවක් විය හැක. එක් අතකින් පාසල් ගුරුවරුන් අදාළ අයදුම් පත්‍ර එවන්නේ මේ අර්බුදය පැන නැගීමට කළින්ය. අනෙක් අතට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිදු කරන කාර්යය පාසල් ගුරුවරුන් විසින් සිදු කරන කාර්යයට වඩා ඔබ්බට ගිය එකකි. එසේ නම් සැබෑ තත්ත්වය වසන් කරමින් බලධාරින් මේ නටන නාඩගම ප්‍රශ්නකාරීය. නටන්නට පුළුවන් වන්නේ ළිප ගිනි මෙළවෙන තෙක්ය. තවත් අතකට ළිප ගිනි මෙළවීමටද ආසන්නය. ඛේදයට කරුණ වන්නේ මේ තත්ත්වය හමුවේ ආදීනව විඳීමට සිදු වන්නේ මෙරටේ බහුතරයක් වූ පොදු ජනයාට වීම මිස අන් කවරක්වත් නොවේ.

අනෙක් අතට අමාත්‍යවරයා මේ කියන පුහුණු නිලධාරීහු කවරහුද? උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙනයන ක්‍රියාදාමයන්ට මේ නිලධාරීන් අනුයුක්ත කරන්නේ කෙසේද? උසස් පෙළ විභාගයට ආචාර්යවරුන් සම්බන්ධ වන්නේ ඒ ඒ විෂය සම්බන්ධයෙන් ඔවුන් සතු ප්‍රවීණත්වය සහ බුද්ධිමය පදනම මත පුහුණු කළ හැකි තාක්ෂණික කරුණක් ලෙස නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා නොදකීද? අචාර්යවරයාගේ කාර්යභාරය උසස් පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සම්බන්ධ කරුණු මෙහෙයවීම පමණක් නොව එය අදාළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ සිට විභාග ප්‍රතිඵල පිටවන තුරුත් එකී ප්‍රතිඵල නැවත සමීක්ෂණය සිදු කිරීමත් දක්වා විහිද යයි. අනිත් අතට ඒ සියලු කරුණු අදාළ විෂය පිළිබඳ දැනුම හා අත්‍යන්තයෙන් බද්ධ වී පවතී.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා විසින් දරන තනතුරු අතර අදාළ විෂය පිළිබඳ ප්‍රශ්න පත්‍රය සකසන ප්‍රධාන මහාචාර්යවරයාට හිමි ප්‍රධාන පාලක පරීක්ෂක තනතුරත්, ප්‍රශ්නපත්‍ර සම්පාදනයේදී ඔහු හෝ ඇය සමග එක්ව කටයුතු කරන සම පාලක පරීක්ෂකවරුන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් ට හිමි තනතුරත් ප්‍රධාන වේ. සමස්ත විභාග ක්‍රියාවලියේ ප්‍රධාන බුද්ධිමය වගකීම හිමි වනුයේ ප්‍රශ්නපත්‍රය සැකසූ මෙම ප්‍රධාන පාලක පරීක්ෂකවරයාට සහ සම පාලක පරීක්ෂකවරුන් සඳහාය. එපමණක් නොව උත්තර පත්‍ර සමීක්ෂණය කිරීමේදී උත්තර පත්‍ර සමීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් ප්‍රධාන පරීක්ෂකවරයාගේ තනතුර දරනු ලබන්නේද අදාළ විෂයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විසිනි. බහුතර ශිෂ්‍යයින් පෙනී සිටින එක් ප්‍රධාන විෂයක් සඳහා මේ සමීක්ෂණ මණ්ඩල පනහ ඉක්මවූ සංඛ්‍යාවක් පවතින අතර, එය අදාළ විෂයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව අනුව මීට වඩා වැඩි හෝ අඩු සංඛ්‍යාවක් විය හැකිය. ඒ අනුව එකී තනතුර දරන ප්‍රධාන පරීක්ෂකවරුන් සංඛ්‍යාවද ඉතා විශාලය.

යට සඳහන් කළා සේ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර සැකසීම් කටයුතු කරන්නේ ඒ විෂයට අදාළ ප්‍රධාන පාලක පරීක්ෂක තනතුර දරන මහාචාර්යවරයා විසිනි. මේ කාර්යයේදී ඔහුගේ සහායටත් ඔහු විසින් සකසන ප්‍රශ්නපත්‍ර සෙසු භාෂාවන් සඳහා පරිවර්තනය කිරීමටත් සම පාලක පරීක්ෂකවරුන් වන සෙසු විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනා කටයුතු කරති.

ඒ ප්‍රශ්නපත්‍ර සැකසීමේ කාර්යයයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඒ හා සමානව වඩාත් කාර්යබහුල හා වඩාත් වගකීම් සහගත කටයුතු පැවරෙන්නේ සිසුන් ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු ලියා අවසන් වූවාට පසුවය. විභාග කටයුතු අවසන් වූ වහාම සිදු කෙරෙන කාර්යය පටිපාටිය වන්නේ ප්‍රශ්න පත්‍රයට ලකුණු දිය යුතු ආකාරය දැක්වෙන ලකුණු දීමේ පටිපාටිය හෙවත් මාර්කින් ස්කීම් එක සකස් කිරීම වේ. එය ඉතා ආයාසකර ආකාරයට පියවරින් පියවර සිදුවන කාර්යයකි.

ලකුණු දීමේ පටිපාටියක් සෑදීමේ මූලික පියවර ප්‍රධාන පාලක පරීක්ෂකවරයා විසින් කරනු ලබයි. ඔහු විසින් සාදන ලද එම ලකුණු දීමේ පටිපාටිය පසුව ප්‍රධාන පාලක පරීක්ෂකවරු, සම පාලක පරීක්ෂකවරු සහ පාලක පරීක්ෂකවරු එකතු වී සාකච්ඡා කිරීම සිදු කරයි. අලුත් කරුණු මතු වීමත් මතුවන කරුණු අනුව ලකුණු දීමේ පටිපාටිය තවදුරටත් සැකසීමත් සිදු වන්නේ එහිදීය. එකී සාකච්ඡාවට පැමිණෙන විට පාලක පරීක්ෂකවරුන් සඳහා පිළිතුරු ලියාගෙන ඒමට යෝජනා කෙරෙන අතර ඔවුන් ලියාගෙන ආ පිළිතුරු සාකච්ඡා කිරීමත් එහිදී ඇතැම් විට සිදු වේ. ඊළඟ පියවර ලෙස සිදු වනුයේ ප්‍රශ්න පත්‍රය සැකසූ මහාචාර්යවරයා එම විෂයට අදාළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන සියලු ගුරුවරුන් කැඳවා ඔවුන්ට දේශන පැවැත්වීමයි. එහිදීද ඔවුන්ගෙන් පිළිතුරු විමසෙන අතර සැලකිය යුතු කරුණක් මතු වුවහොත් ලකුණු දීමේ පටිපාටියට එම කරුණද ඇතුළත් කර ගනී.

ලකුණු දීම සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා සතු වගකීම එතනිනුදු නොනවතී. විභාග පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ මුල් දින අදාළ ලකුණු කිරීමේ මණ්ඩල භාර ප්‍රධාන පරීක්ෂකවරයා විසින් මේ පිළිබඳ තම මණ්ඩලයේ සිටින ගුරුවරුන් තවදුරටත් දැනුවත් කෙරේ. එහිදී කෙටි ප්‍රශ්න පත්‍රය අදාළ ගුරුවරුන් වෙත යොමු කෙරෙන අතර ඔවුන් එහිදී ලබා දෙන පිළිතුරුවල නිවැරදිභාවය මත පාලක පරීක්ෂකවරයා තම මණ්ඩලය තුළ සිටින ගුරුවරුන් පිළිබඳ තක්සේරු කර ගනී.

මෙසේ පිළිතුරු පත්‍ර පරීක්ෂණය සිදු වෙමින් තිබෙන කල ප්‍රධාන පාලක පරීක්ෂකවරයා හා සම පාලක පරීක්ෂකවරුන් රට පුරා මධ්‍යස්ථානවලට ගමන් කරමින් ගුරුවරු පිළිතුරු පත් සඳහා ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කරති. එක් ස්ථානයක ලකුණු ලබාදෙන ක්‍රමය තවත් තැනකට වඩා වෙනස් නම් අදාළ පරීක්ෂකවරයාට එය දැනගත හැකිවන අතර එහිදී එම තත්ත්වය පෙන්වා දෙමින් එම වෙනස්කම් සැකසීම සඳහා ඔවුන්ට හැකියාව ලැබේ. මීට සමගාමීව පාලක පරීක්ෂකවරයා ද තම මණ්ඩලයේ සිටින එක් එක් ගුරුවරයා ලකුණු ලබාදෙන ආකාරය අධීක්ෂණය කරන අතර, එක් එක් ගුරුවරයා ලකුණු ලබා දෙන ක්‍රමවේදයේ වෙනස්කම් සැකසීම ඔහු විසින් සිදු කැරේ. විභාග ලකුණු ලබා දීමේදී ඒ ඒ මණ්ඩලයට අදාළ ලකුණුවල වගකීම එම මණ්ඩලය බාර පාලක පරීක්ෂකවරයාට හිමිවෙන අතර, ගුරුවරුන් ලකුණු ලබාදීමේ කාර්යය සිදු කරන්නේ තමන් කරන කාර්යයට තම මණ්ඩලයේ ප්‍රධානියා වග කියන බවට වන විශ්වාසය මතය. පිළිතුරු පත් සියල්ල ලකුණු කොට බාර දුන් පසුවද විශ්වවිද්‍යාල ආචාර්යවරයා උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් දරන වගකීම අවසන් නොවේ. මන්දයත් තම විභාග ප්‍රතිඵල නැවත අධීක්ෂණය කිරීම සඳහා බොහෝ සිසුන් පෙළඹෙන බැවිනි. ආචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ වුව මූලික වශයෙන් පිළිතුරු පත්‍ර ඇගයෙන්නේ පාසල් ගුරුවරුන් අතින් හෙයින් ප්‍රතිඵල නැවත සමීක්ෂණ කාර්යයේදී ඒ සඳහා කිසිදු පාසල් ගුරුවරයෙකු සහභාගී කර නොගන්නා අතර ඒ කටයුතු සියල්ල පැවරෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙතය. මේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීමේ කාර්යයේ සිට පිළිතුරු නැවත සමීක්ෂණය කැරෙන කාර්යය දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයා කරන මැදිහත්වීමේ දළ හරස්කඩක් පමණි. මේ අතරට පයිලට් පේපර් සැකසීම, ලකුණු අනුහුරු සැකසීම වැනි තවත් අතුරු කාරණා රාශියක්ද ඔවුන් අතින් සිදු වේ.
එසේ නම් දැන් තත්ත්වය ඉතාමත් පැහැදිලිය. ඇමතිවරයා පවසන ආකාරයට පුහුණුව ලත් නිලධාරීන් කවුරුන්ද? ඔවුන්ගේ විෂයානුබද්ධ සුදුසුකම් මොනවාද? එසේ පිරිසක් සිටී නම් ඒ කී දෙනෙක්ද?

මේ රටේ සිටින බොහෝමයක් වූ ගුරු සංගම් මේ කාර්යය සඳහා තමන් අත නොගසන බවට ප්‍රකාශ කරන්නේ එය ඔවුන් හට කළ නොහැකි බව අමාත්‍යවරයා මෙන්ම ඔවුන්ද දන්නා හෙයිනි.

උසස් පෙළ විභාගය සඳහා පවතින සමස්ත විෂයයන් සංඛ්‍යාව රාශියකි. භාෂා මාධ්‍යද රාශියකි. එසේ නම් එක් විෂයක් සඳහා කටයුතු කළ යුතු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා රාශියක් වන විට මේ සියල්ල සඳහා අවශ්‍ය වන ආචාර්යවරුන් කොතරම් විය යුතු දැයි සිතා ගැනීමට අපහසු නැත. අනෙක් ගැටලුව වන්නේ මේ වසර තුළ උසස් පෙළ විභාගය අලුත් විෂය නිර්දේශය යටතේ සහ පැරණි විෂය නිර්දේශය යටතේ ප්‍රශ්න පත්‍ර දෙකක් ආකාරයට සිදු කිරීමට නියමිතව තිබීමය. එවන් තත්ත්වයක් තුළ ඇතැම් විට ප්‍රශ්න පත්‍ර දෙක සෑදීම සඳහා කටයුතු කිරීමට මහාචාර්යවරුන් දෙදෙනෙක් සහභාගි වන අවස්ථා පවා දක්නට ලැබේ. එසේ නම් ඒ මත පවත්නා සියලු කටයුතු සංකීර්ණ වීම සිතා ගැනීම අපහසු නැත.

අමාත්‍යවරයා පවසන ආකාරයට මේ විභාගය වෙනත් පිරිසක් ලවා සිදු කළ හැකි යැයි උපකල්පනය කරමු. එවන් තත්ත්වයක් තුළ මේ විභාගය හා එයට මුහුණ දෙන දරුවන් සම්බන්ධයෙන් සිදු වන්නේ කුමක්ද? එසේ නම් අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රමිතිය ප්‍රශ්නයට නැගෙනවා නොඅනුමානය. එහි පිළිගැනීම අහිමි වීමත් සමග අදාළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍යයින් හට උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් තුළට පවා යෑමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.
පණ ගසමින් පවතින රටේ අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කිරීමට බලධාරීන් මීට වඩා උත්සුක විය යුතුය. මන්ද යත් අඩු තරමේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරා රට ගෙන යෑම ඔවුන්ගේ ප්‍රධාන න්‍යාය පත්‍රයේ පවා මුද්‍රිතව ඇති හෙයිනි. මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක යෙදී සිටිති. ඔවුන්ගේ ඉල්ලීම් බැලූ බැල්මට අසාධාරණද නොවේ. එවන් තත්ත්වයක් තුළ රටට විහිලු නොසපයමින් ඔවුන් සමග බුද්ධිමය ගනුදෙනුවකට යෑම බලධාරීන්ගේ යුතුකමය.

උසස් පෙළ විභාගය ආරම්භ වන්නට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු 8 වැනිදාය. වාර්තා වන ආකාරයට මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ වේ. ආචාර්යවරුන්ගේ මේ අර්බුදය ආරම්භ වී ගෙවී ගොස් ඇති කාලයත් ඒ කාලය තුළ රජය ඒ සම්බන්ධයෙන් දැක්වූ උදාසීන ප්‍රතිචාරත් දෙස බලන කල අගෝස්තු 8 වැනිදා වනාහී ඉතා දිගු කාලයකැයි සිතිය නොහැක.

එසේ නම් මේ රටේ අධ්‍යාපන බලධාරීහු මේ සම්ප්‍රාප්ත වී සිටින්නේ මුහුදු වෙරළටම බැව් සැක නැත. මේ සඳහා කඩිනම් පියවරක් නොගෙන ඇද ඇද සිටියහොත් කළිසම තෙමෙනවාට සැකයක්ද නැත. අවසන් විග්‍රහය තුළ මේ තත්ත්වයෙන් පීඩා විඳින්නේ මේ රටේ අහිංසක දරුවන් සහ දෙමව්පියන් නොවන්නට කරවටක් ගිලෙන තුරු බලා සිට කළිසම තෙමා ගත්තාට අපට දුකක්ද නැත.


අපි කලබල වෙන්න ඕනෙ නෑ

විජිත් විජිතමුණි සොයිසා - නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය

මේකට අපි විශේෂ සූදානමක් නෑ. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නෙත් දරුවන් ඉන්න දෙමව්පියෝ. ඉතින් මේ අය කොහොම හරි මේ වැඩේ කරයි කියලා මම විශ්වාස කරනවා.

අපි කරන්නේ අධ්‍යාපනයනෙ. ඉතින් අපි කලබල වෙන්න හොඳ නෑ. අපිට සුනාමිය ආවෙ කියලා නෙමෙයිනෙ. ඒත් අපි ඒකට මුහුණ දුන්නා. අපි යුද්දෙටත් මුහුණ දුන්නා. ඒ වගේ අපි මේකටත් මුහුණ දෙනවා.
මේ වැඩ කරන්න මේ අය එන්නේ නෑ කියලා හිතලා සැලසුම් හදන්න තවම අපිට ඕනෙ වෙලා නැහැ.

Waiting for proposal implementation to stop TU action; FUTA

Daily Mirror (Friday, 24 June 2011 01:00)

After nearly two months of trade union action by the Federation of University Teachers Association (FUTA), some relief for students seems tangible in the coming week. Minister of Higher Education S.B Dissanayake promised on Wednesday to resolve the issue within a week and FUTA President Dr. Nirmal Dewasiri mirrored his sentiments.
 
Q: After the protest and public lecture on Tuesday FUTA had met with the Minister. What was discussed?
After our protest on Tuesday we did have a meeting with the Minister and we discussed a number of issues and technicalities regarding the implementation of the interim resolution that we had presented before we began the trade union action.

This is an alternative proposal to our original demands and he basically agreed to this proposal. We discussed that a senior lecturers salary would be a gross of Rs. 132,000. This was the amount that we suggested be put into practice in the September 2010 budget. During our discussions we made some amendments and the amounts are slightly different.

However there was no formal agreement that was reached and the minister’s tone in the interview he gave the Daily Mirror was somewhat different to the discussions that took place. Yet he was right when he said that there would be some resolution in the next week, that is something he told us and it is what we want as well.
 
Q: When will the trade union action be stopped, did you agree to any particular date?
These were only discussions there was no formal agreement on the matter.
There is a formal agreement that is reached then we will stop the trade union action, hopefully within a week. What we want is a formal agreement and not only that but some implementation of the proposal. Then we will stop the trade union action. Implementation should be in the form of circulars and concrete action that shows that the interim proposals will be put into practice at once and our demands will be met speedily.
 
Q:What is the systematic plan agreed to by the FUTA and the government to bring correct the salary anomalies for university lecturers in the long run?
There are two further steps that we have suggested be implemented in the 2012 and 2013 budgets to bring the final figure of university lecturers salaries to 168,000.

We have made a few changes to the main demands that we presented but essentially these the demands that we made and they have been agreed to informally. But we are hoping that the government will put them into practice. Our final and long term goal is to have university lecturers’ salaries to equal that of Central Bank
employees.

මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු ආණ්‌ඩුවේම පක්‍ෂ රැසක්‌ සරසවි සටනට එක්‌වෙති

ඉරිදා දිවයින 26/06/2011

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ ද ඇතුළු දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති රැසක්‌ ලබන සතියේදී ඒකාබද්ධ ප්‍රකාශයක්‌ නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය සතියේ කැඳවූ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික නිදහස්‌ පෙරමුණ හැර සෙසු සියලුම දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සහභාගි වී ඇති අතර ලබන සතියේ නිකුත් කෙරෙන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමට එම සියලුම නියෝජිතයන් එකඟතාව පළ කර ඇත. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ යන ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ හා තවත් වාමාංශික පක්‍ෂ කිහිපයක්‌ද මෙම ප්‍රකාශයට අත්සන් තැබීමට එකඟ වීම විශේෂත්වයකි.

තමන්ගේ ඉල්ලීම් ජයග්‍රහණයෙන් කෙළවර විය යුතුය යන්න මෙම සියලුම දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ තීරණය වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය. තම සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවතී ඇති බවත් ඇතැම් විශ්වවිද්‍යාල නොනිල මට්‌ටමින් වැසී ගොස්‌ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සරසවි ඇදුරන් නිසි පිළිතුරක් බලාපොරොත්තුවෙන්

CNEWS.LK

- විසදුමක් නොලැබුණොත් යළිත් අරගලයේ


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවට ලබාදෙන විසඳුම පිළිබඳ නිල ප‍්‍රකාශයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ සමිති සම්මේලනය පවසනවා.


උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සමග මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා දිනයේ පැවැත්වුවද, එහිදී සිදුවූ එකඟතාවයන් නිල වශයෙන් තවමත් ප‍්‍රකාශ කර නැති බව ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා කියා සිටියා.


තම වැටුප් ගැටළුවට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සමිති එක්කරගනිමින් වෘත්තීය අරගලය ඉදිරියට ගෙන යන බවද ඔහු කියා සිටියා.

New Uni Students To Sit For Examination

The Sunday Leader

The Higher Education Ministry has made arrangements for the new university entrants to sit for a compulsory online IT and English examination.

The Ministry has said that the students would have to sit for the examination before next Thursday (30).

According to the Ministry, the students have been informed of the examination and have asked them to sit for it at the centers allocated by the authority.

Over 9,000 students are to sit for the examination which is held at 26 National Online Distance Education Service (Nodes) centers around the country.

More uni. teachers quit voluntary admin posts

The Island 25/06/2011

By Nilantha Madurawala

Teachers of the Music and Visual Arts faculties, of the University of Visual and Performing Arts, resigned from their voluntary administrative posts yesterday in support of the trade union action launched by the Federation of University Teachers Association (FUTA) demanding an immediate pay hike.

"So far over 15 teachers have submitted their resignation letters," said President of the Visual Arts Faculty Teachers Union Chandragupta Thenuwara.

FUTA members launched a protest march on Tuesday afternoon in Colombo to pressure the government over the issue.

University teachers launched their agitation with a one-day token strike on March 15 and quit voluntarily posts from May 09, in protest against the government’s failure to increase their salaries.

FUTA discussed the problem with President Mahinda Rajapaksa on May 25, but it ended with no solution in sight.

They also discussed the matter with Higher Education Minister S. B. Dissanayake and he had promised to solve the problem immediately.