Friday, May 20, 2011

සරසවි සිසු නායකත්ව පුහුණු වැඩසටහන කල්දැමීමක් නෑ

විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූ නායකත්ව පුහුණු සංවර්ධන වැඩසටහන සැලසුම් කළ පරිදි මැයි 23 වන දින සිට පැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

‍ අදාළ වැඩසටහන දින 07 ක කාලයක් අත්හිටුවීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(20) නීතිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

‍ අදාළ පුහුණු වැඩසටහන අභියෝගයට ලක්කරමින් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නිවේදනය කර තිබුණි.

Link: http://www.adaderana.lk/sinhala/news.php?nid=16228