If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Monday, June 13, 2011

UNIVERSITY LECTURERS ARE NOT BEING GIVEN THEIR RIGHTFUL PLACE, SAYS DR.MAHIM MENDIS

www.newsfirst.lk

June 13, 2011 : The Federation of University Teachers Association stated that the country's political leadership has failed to note the difference between the Ministry Officials and University Lecturers.

Spokesperson of the Federation Dr. Mahim Mendis stated that through this it appears that the country is led by unwise leaders. He added that  it is due to this reason that they have not yet received a solution to their salary crisis.

Dr. Mendis went on to state that university lecturers are not being given  their rightful place due to those who ruled the country not having had a university education.

In response, Deputy Minister of Higher Education, Nandimithra Ekanayake stated that the Minister of Higher Education, the Secretary to the Ministry and members of the University Grants Commission have had  a university education and they are individuals with a vision and knowledge enough to participate in any intellectual debate.

Ekanayake added that regardless of these officials, the problem should be addressed at its core.

He further stated that a solution can be obtained not through strict action but through negotiations.

සරසවි ඇඳුරන් වීදි බසී

ඊතලය

ජුනි.13- විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද මාතර නගරයේදි විරෝධතා පාගමනක නිරත විය.
සරසවි ඇඳුරන් වීදි බසීමේ සදහා සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආචාර්යවරුන් සහභාගි වු අතර රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් එකමුතුව මෙය සංවිධානය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය ජේ.කේ.අයි.යු. අරුණකුමාර පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසදා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරන ලෙස බලකරමින් මේ විරෝධතා පාගමන සංවිධානය කළ බවය.

විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ එම විරෝධතාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මිට පෙර ආචාර්යවරුන් සමග පැවැති සාකච්ජාවේදි වැටුප් වැඩිවිය යුතු ආකාරය පිළිබඳව දළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නද මෙතෙක් එවැනි සැලැස්මක් ඉදිරිපත්කර නොමැති බවය.

එවැනි සැලැස්මක් ඉදිරිපත් වූ පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු පිළිබද සාකච්ජා කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

Undergrads arrested for conspiracy

Daily Mirror

Monday, 13 June 2011 18:42 

Four students of the Jayewardenepura University were arrested by the Mirihana police yesterday on charges of conspiring against the state, the Inter University Students Federation (IUSF) told Daily Mirror online.

IUSF Convener Sanjeewa Bandara said the arrested undergraduates were produced in Courts today. “One was released on bail while three others are being held in the Mirihana Police under detention orders for the next 48 hours for further interrogation,” he added.

When contacted by Daily Mirror Online, Nugegoda Division SSP Deshabandu Tennakoon said the four undergraduates were handed over to the Mirihana Police yesterday by Vice Chancellor Dr. N.L.A. Karunaratne over incidents related to ragging and causing disturbance to university activities.

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතක දුන් තීන්දුවලින් මූලික අයිතිවාසිකම් ආරක‍ෂා කරමින් කලින් දී තිබූ අඩිතාලම දියාරු වීද? -ජයන්ත ධනපාල (ෆ්‍රයි ඩේ ෆෝරම්)

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.13, ප.ව.2.00) 'කිවිදා  හමුව' පුරවැසි කණ්ඩායම මෙම ප්‍රකාශය නිකුත් කරන්නේ ඉහත සඳහන් කාරණය සියලූම පුරවැසියන්ට අදාල යැයි අප විශ්වාසකරන හෙයින් ඒ පිළිබඳව ප්‍රජාතාන්ත්‍රික අයුරින් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩ සටහන හඳුන්වා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ නායකත්වය යටතේ යුද හමුදාමය වාතාවරණයකය. සිසුන් වෙත යවා ඇති ලිපියේ සඳහන් අයුරු ඔවුන්ට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ තැනක් ලැබීමට පුලූවන් අතර එවිට මෙම වැඩ සටහන සම්පූර්ණ කළ බවට සහතිකයක් ඉදිරිපත්කළ යුතුය. මෙයින් පෙනීයන්නේ මෙය අනිවාර්ය වැඩ සටහනක් බවය. මීට අදාලව ගොණුකර තිබූ පෙත්සම් සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු හේතුවක් නොදක්වා නිෂ්ප්‍රභාකිරීම නිසා මෙම වැඩ සටහනේ අනුකූලතාව සහ එයින් විශ්ව විද්‍යාල පද්ධතියට ඇතිවන බලපෑම පිළිබඳව මහජන සංවාදයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය තවත් වැඩිවී ඇත. මෙම වැඩ සටහන සකස්කර ඇති ආකාරයත් එය ක්‍රියාත්මක කරන ආකාරයත් පිළිබඳව මෙන්ම නායක්තව පුහුණුව පිළිබඳ සංකල්පය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැර කිරීම පිලිබඳවත් 'කිවිදා  හමුවේ' බලවත් අවධානය යොමුවී ඇත.

පහත සඳහන් කාරණා පිළිබඳව අපි අවධානය යොමුකර සිටිමු:

  1. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම වැඩ සටහන 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල (සංශෝධිත) පනතට පටහැනි අයුරු විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල සිසුන් වෙත බලහත්කාරයෙන් පැනවූවකි. 'විශ්ව විද්‍යාලයක බලතල' යන විෂය යටතේ මෙම පනතේ 7 වෙනි කොටස විශ්ව විද්‍යාල මණ්ඩලය (කවුන්සලය), සෙනට් සභාව සහ අංශ පිළිබඳ විස්තර කරයි. ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ බලය සතු සෙනට් සභාව ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ වැඩ සටහන් ගැන තීරණ ගනී. පනතේ 20 වෙනි ඡේදය යටතේ මූල්‍ය කටයුතුල විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුල් කිරීම සහ ඉගැන්වීමේ මාධ්‍යය මෙන්ම පරිපාලන කටයුතු සහ විශ්ව විද්‍යාල වල එදිනෙදා කටයුතු පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කිරීමට ඇමතිවරයාට ඇති බලය ඉතාමත් සීමිතය.
  2. විශ්ව විද්‍යාල සිසුන්ට වැඩ සටහන් හෝ පාඨමාලා සකස්කර ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයට නීත්‍යානුකූලව කිසිදු බලයක් නොමැත. එවන් කටයුතු වෙසෙසින්ම පැවරී ඇත්තේ විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය කටයුතු භාර බලධාරීන් වෙතය. මේ අනුවල එම බලධාරීන්ගේ අනුමැතිය නොමැතිව මෙවන් වැඩ සටහන් සකස්කර ක්‍රියාත්මක කිරීම පිළිගත් විශ්ව විද්‍යාල පාලන ක්‍රියා පටිපාටියන්ට පටහැනිය. 
  3. සිසුන් ඇතුල්කිරීමේ කාර්යය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවරී ඇතත් අධ්‍යාපන විෂය මාලා සහ වැඩ සටහන් පිළිබඳව විශ්ව විද්‍යාල වලින් උපදෙස් ලබා ගත යුතුය. මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීමේදී පෙනී යන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොන්කර ඇති බව හෝ කොමිසම විශ්ව විද්‍යාල වලින් උපදෙස් ලබාගැනීම පැහැරහැර ඇති බවකි. විශ්ව විද්‍යාල නව ප්‍රවේශකයින්ට නායකත්ව පුහුණු වැඩ සටහනක් සකස්කිරීමේදී අදාළ විශ්ව විද්‍යාල බලධාරීන් කිසිදු අයුරකින් හවුල් කරවා නොගෙන එවැන්නක් සිදුකිරීම ඛෙහෙවින් කණස්සල්ලට හේතුවෙයි.
  4. ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම ගැන අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. සියලුම සිසුන්ට සිය ඉගෙනීම් කරගෙන යන කාලය මුලූල්ලේ ඔවුනගේ ජීවිතය හැඩගැස්වීමේ වැඩ සටහන් තිබිය යුතුය. කෙසේවුවදල එවන් වැඩ සටහන් විශ්ව විද්‍යාල මගින් සිය සම්මතයන් සහ අධ්‍යාපන මිනුම් මෙන්ම ශාස්ත්‍රීය ස්වාධීනත්වය ඇතිවන පරිදි සකස්කළ යුතුය. වෙනත් රටවල පවත්නා වැඩ සටහන් මෙන්ම මෙහිද නවක සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ඇතුලූ වෙනත් හුරුවීමේ වැඩ සටහන් දැනටමත් බොහෝ විශ්ව විද්‍යාල මගින් කරගෙන යනු ලැබේ. මෙම වැඩ සටහන් වඩාත් විධිමත් කිරීමට අමාත්‍යාංශයට පියවර ගත හැක. 
  5. ඇතැම් රටවල නිශ්චිත වයස් සීමාවක තරුණයින් හමුදා පුහුණුවක් ලැබිය යුතු වුවද වෙනත් කිසිදු රටක එවන් පුහුණුවක් විශ්ව විද්‍යාල වලට ඇතුල්වීම සඳහා අවශ්‍ය බැව් අප අසා නොමැත. හමුදා පුහුණුව වැන්නක් දක්නට ඇත්තේ විනය පාලනයක් යටතේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ස්වාධීනව සිතන මතනල සාකච්ඡා සහ වාද විවාද පවත්වා කරුණු පැහැදිලි කරගන්නාල පරස්පර විරෝධී අදහස් සහ මතවාද වලට සැලකිල්ලක් දක්වන පිරිසක් ගොඩනැගීමය. හමුදාමය පුහුණුව ඊට ඉඳුරා වෙනස්ය.
  6. විශ්ව විද්‍යාල යනු විෂය මාලාවන් අනුව උසස් අධ්‍යාපනයක් ලබන ස්ථානයක් පමණක් නොව විවේචනාත්මක කල්පනා ශක්තියක් ලබාදෙනල දැනුම සොයන ස්ථානයක් ද වේ. යුද හමුÞමය පුහුණුවක් මගින් ලබාදෙන විශ්‍රේෂ කුසලතා අගය කරන අතර හමුදාමය විනයක් අවශ්‍යවන්නේ හමුදාවටය. එසේ නැතිවල එය පසුකලෙක රටේ සංවර්ධනයේ හවුල්කරුවන්වීම සඳහා පෙළගැසෙන තරුණ පිරිසකට ලබා දිය යුතු නායකත්ව පුහුණුවක් නොවේ. පොදු රාජ්‍ය මණ්ඩලය පුරා විශ්ව විද්‍යාල වල පරිසරය ගොඩනැගී ඇත්තේ ශාස්ත්‍රීය නිදහස සහ විශ්ව විද්‍යාල ස්වාධීනත්වයට මුල් තැන දෙමිනි. මෙවන් සිද්ධාන්ත අද පවත්නා සංවර්ධනය පිළිබඳ අභියෝග වලට හෝ තොරතුරු තාක්ෂණයට යෝග්‍ය නොවන යල්පැනපු ඒවා ලෙස ගණන් නොගැනේ. යුද හමුදා පුහුණුව මත පැවැත්වෙන නායකත්ව කුසලතා සහ චර්යාවන් වලට අනුබලදීමල සියලූ විශ්ව විද්‍යාල වලින් සිදුවියයුතුයයි සැලකෙන ස්වාධීනව සිතීම සහ අදහස් පළකිරීම වැනි මූලික සිද්ධාන්ත ගොඩනැගීමේ කාර්යයට පරස්පර විරෝධී වෙයි.
  7. 1999 විශ්ව විද්‍යාල (සංශෝධන) පනත පිළිබඳව එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුවූ ශිරාණි බණඩාරනායක මහත්මිය ඇතුලූ විනිසුරුවන් තිදෙනෙකු දුන් තීන්දුවක් අනුව ඉහත සඳහන් අගයන් සහ ඒවායේ අඩංගු සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිගෙන ඇත. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් ඇතිකළ හැකි මූලික අයිතිවාසිකම්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බව තහවුරුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙරෙන මෙවන් තීන්දු මගිනි. 18 වෙනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කෙරුණු නඩුල පළාත් පාලන පනත සහ විශ්‍රාම වැටුප් පනත මෙන්ම මෑතදී නායකත්ව වැඩ සටහනට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් ඉවත දැමීමෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කලින් කර තිබූ විනිශ්චයන් මගින් දැමුණු අඩිතාලම දියාරුවී යනු ඇතැයි පුරවැසියන් වන අප බලාපොරොත්තු කඩකර නොගත යුතුය.
  8. අමාත්‍යාංශ නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශ අනුව දැනට ලබාදෙන හමුදාමය පුහුණුවෙන් පසු විශ්ව විද්‍යාල වලට ඇතුල්වන නවක සිසුන්ට නවක වදයට විරෝධය පෑමට හැකිවනු ඇත. නවක වදය නමැති සංස්කෘතිය දැන් විශ්ව විද්‍යාල සහ පාසැල්වල කාවැදී ඇත. 1998 දී හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ මහතා නවක වදය වැලැක්වීමේ පනතක් ඉදිරිපත් කෙළේය. සමහර විශ්ව විද්‍යාල සහ පීඨ මෙම පනත ක්‍රියාවේ යෙදවීමට පොලීසියට සහාය වෙති. එමෙන්ම අභ්‍යන්තර පරීක්ෂණ පැවැත්වෙන අතර නවක වදයට මුහුණදීමේ සහ වැළැක්වීමේ විවිධ ක්‍රියා මාර්ගයන් අනුගමනය කෙරේ. නව වැඩ සටහනින් සිදුවන්නේ නවක වදයට ආක්‍රමණික මුහුණුවරක්දීම විනා වැළැක්වීමට ප්‍රයත්නයක් දැරීම නොවේ. මෙයින් නවක වදය සමනය කිරීමට විශ්ව විද්‍යාල ගන්නා වෑයම වෙනුවට ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇතිකිරීමට තුඩුදිය හැක.
  9. 'කිවිදා  හමුව' බෙහෙවින් වෙරදරා ලබාගත් 'නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප වර්ධනය' පිළිබඳ පාඨමාලාවේ අතිශයින් ගැටලූ සහගත කාරණා දක්නට ඇත. පාඨමාලාව සකස්කළ කිසිවකුගේ නමක් සදහන් නොවූවත් ආරක්ෂක ලේකම්වරයාගේ ඡායාරූපයට කවරයේ ප්‍රමුඛත්වය දීමෙන් හැ‍ඟෙන්නේ එය ආරක්ෂක සංවිධානය විසින් සකස්කරන ලද්දක් බවයි. එහි ප්‍රධානතම යොමුව හමුදාමය ක්‍රියාවලියක් මගින් විනය සහ ස්ව-විශ්වාසය ඇතිකිරීමයි. මීට විනාඩි 45 ක කාලයක් තුළ නිමකළ යුතු කිලෝමීටර් පහක පා ගමනක් ද අයත්වේ. ශාරීරික හැකියාව ඇතිව හෝ නැතිව ඊට සහභාගිවිය යුතුය. මෙම සිසුන් ඉගෙනුම ලබා ඇති පාසැල් වල ක්‍රීඩා සහ ශාරීරික අභ්‍යාස පුහුණුව සඳහා එක හා සමාන පහසුකම් නොමැතිබව මෙහිදී අමතක නොකළ යුතුය.
  10. වඩාත් ගැටලූ සහගත අංශ ඇත්තේ ඉතිහාසය සහ ජාතික උරුමයන් විෂය යටතේය. එහි දේශණ පැවැත්වෙන්නේ ආර්යයන්ගේ පැමිණීමල විදේශ ආක්‍රමණ (කිනම් විදේශිකයන්දැයි හඳුණා නැත) සහ සිංහල රාජධානි පිහිටවුණු ආකාරයයි. ජාතික උරුමයන් පිළිබඳ පූර්ණ අවධානය සීගිරිය, දළදා මාළිගාව, අවුකන පිළමය වැනි සිංහලයින් සංකේතවත් කරන ප්‍රසිද්ධ සංස්ක‍ෘතික ස්ථානයන්ය. වෙනත් කිසිදු ජන කොට්ඨාසයකට අදාළ කිසිදු ස්ථානයක් ගැන සඳහනක් නොමැත. තිස් වසරක අරගලයකින් පසු ජාතික සමගියක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ගැන නිල ප්‍රකාශ නිකුත් කෙරෙද්දී අනාගත නායකයින් ලෙස පන්නරයක් ලබන නව විශ්ව විද්‍යාල සිසුන්ට සංඛ්‍යාමය වශයෙන් වැඩි ජන කොට්ඨාසයට සීමාවූ කරුණු පමණක් අඩංගු විෂය මාලාවකින් කරුණු කියාදීමෙන් නිල වශයෙන් පිළිගෙන ඇති ජාතික සමගිය ගොඩනැගීමේ කාර්යය බිඳ වැටේ. ජාතික සමගිය ගොඩනැගීමේ නිල වශයෙන් පිළිගත් ක්‍රියා මාර්ගය මෙය නම්ල මෙරට අරගලවලින් මිදුණු සාමකාමී අනාගතයක් බලාපොරාත්තු විය හැකිදරෑ
  11. සමස්තයක් වශයෙන් විෂය මාලාව මගින් ප්‍රතිවිරුද්ධ මතවලට ඇහුම්කන්දීම හෝ අප රටේ පවත්නා බහුත්වවාදය හා විවිධත්වයට ගරුකිරීමට උනන්දු නොකෙරේ. නායකත්වයේ ආදර්ශය විය යුත්තේ හමුදාමය විනයත්, වැඩි ජන කොට්ඨාසයට බරවූ ජාතික උරුමයන් සහ ඉතිහාසය පිළිබඳ කරුණු කාරණා බවත් උලූප්පා දක්වන බව පෙනේ. ලොව පිළිගත් නායකයින් පිළිබඳව පැවැත්වෙන සාමූහික ඉදිරිපත්කිරීමක් සඳහා මහාත්මා ගාන්ධි තුමා, දුටුගැමුණු රජතුමා, අනගාරික ධර්මපාල තුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජවහර්ලාල් නේරු තුමා, වීර පුරන් අප්පු නිළමේ සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තෝරාගැනීම ද සැලකිල්ලට භාජනය විය යුත්තකි.
1978 විශ්ව විද්‍යාල පනතේ උසස් අධ්‍යාපන ක්‍රමවේදයට අයත් විද්වතුන් සහ ශාස්ත්‍රීය බලධාරීන්ගේ ස්වාධීනත්වය පිළිගන්නාමෙන් අපි උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. ඔහු මෙවන් අත්තනෝමතික තීරණ විශ්ව විද්‍යාල පද්ධතිය වෙත ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට බල නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පීඨ පාලන මණ්ඩල, සෙනට් සභා සහ විශ්ව විද්‍යාල මණ්ඩල වැනි සංවිධාන වල වගකිවයුතු සාමාජිකයින් වශයෙන් ශාස්ත්‍රීය කටයුතු වල ස්වාධීනත්වය සහ විශ්ව විද්‍යාල පද්ධතියේ අවංකභාවය ආරක්ෂා කිරීම ආචාර්යවරුන්ගේ සහ පාලකයින්ගේ වගකීම බව පෙන්වාදීමට කැමැත්තෙමු. විශ්ව විද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වයට එල්ලවන පහරවල් වළකා ගැනීමට නම් ඔවුන්ගේ සෟජූ සහභාගිත්වය අවශ්‍යය. අපට අවශ්‍ය වන්නේ මෙතෙක් සාධාරණත්වය මත උසස් අධ්‍යාපන පහසුකම් සැලසූ ආයතන වශයෙන් ඉදිරියටත් ඉමහත් අභියෝග වලට මුහුණපාමින් වුවද උසස් මට්ටමින් අධ්‍යාපන කටයුතු කරගෙනයෑමට අවකාශ සලසන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියකි. විශ්ව විද්‍යාල වලට අහිතකර ලෙස බලපාන ප්‍රවණතාවන් නවතාදමීය නොහැකිවුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ 'දැනුම් නාභිය' වනු ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සමානාත්මක සම්මිශ්‍රණයකින් නොව දශක ගණනාවක් මුලූල්ලේ ගොඩනගාගත් ඉතා වටිනා රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය පෞද්ගලීකරණය කිරීමෙනි. 

ජයන්ත ධනපාල සහ සාවිත්‍රි ගුණසේකර ('කිවිදා  හමුව' වෙනුවෙන්)

The Proceedings of the Public Seminar Held in Kandy on 1st June 2011

Dr. Terrence Madhujith


Ven. Prof. Hanguranketha Dheerananda



Prof. Navaratna Bandara - Part 1


Prof. Navaratna Bandara - Part2



Prof. Sumanasiri Liyanage - Part 1


Prof. Sumanasiri Liyanage - Part 2


Prof. Gamini Keerawella - Part 1


Prof. Gamani Keerawella - Part 2


Ven Dr. Dambara Amila - Part 1


Ven. Dr. Dambara Amila - Part-2


Prof. V. Nandakumar


Prof. H. M. N. Bandara

Dr. Prabhath Jayasinghe - Part 1
Dr. Prabhath Jayasinghe - Part 2

Dr. Nirmal Ranjith Dewasiri - Part 1



Dr. Nirmal Ranjith Dewasiri - Part2



Prof. HMN Bandara


Dr. S. P. Gunawardhana



Dr. Ruwan Ratnayake

සරසවි ඇදුරෝ මාතරදී ජනතාව අමතති

(ලංකා ඊ නිව්ස් -2011.ජුනි.13ල පෙ.ව.1.00) සරසවි ඇදුරු වැටුප් ප්‍රශ්ණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය ආරක‍ෂා කරමු මැයෙන් සම්මන්ත්‍රණයක් අද (13) සවස 4.00 ට මාතර දුම්රිය පොල ඉදිරිපිට පිහිටි සමුපකාර මන්දිරයේදී පැවැත්වේ. මෙය සංවිධානය කරන්නේ රුහුණු සරසවි ආචාර්ය සංගම් එකමුතුව විසිනි.

මෙම සම්මන්ත්‍රණයේදී පේරාදෙණිය සරසවියේ මහාචාර්ය පූජ්‍යපාද හඟුරන්කෙත ධීරානන්ද හිමි, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ, රුහුණු සරසවියේ මහාචාර්ය එල්.පී. ජයතිස්ස, සරසවි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කොළඹ සරසවියේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එම සම්මේලනයේ උප සභාපති ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, කොළඹ සරසවියේ ආචාර්ය ප්‍රභාත් ජයසිංහල විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහීම් මෙන්ඩිස්, යාපනය සරසවියේ ආචාර්ය සෙනගරපිල්ලේ අරිවල්සහන්, අධිනිතීඥ චන්ද්‍රකුමාර විජයගුණවර්ධන ආදී වියත්හු ජනතාව අමතති. රුහුණු සරසවියේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතා මූලාසනය හොබවනු ඇත.

මෙම සම්මන්ත්‍රණය සජීවීව අන්තර් ජාලය හරහා විකාශය කෙරෙන අතර යූටීචර්ස් බ්ලොග්ස්පොට් ඩොට් කොම් බ්ලොග් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැක.

Opening the Path of Development

The Island



article_image

(Text of a talk delivered at the N M Perera Memorial discussion on the Political Economy of Sri Lanka.)

Dr. Saman Kelegama was absolutely right when he argued with reference to Argentina and Thailand that some economies might be trapped eventually in for a prolonged period in the state of middle income countries. Sri Lanka has reached according to the data released the status of a middle income country and expects to double its per capita income by the end of 2016. As Dr. Kelegama has pointed out, this also in itself is a herculean task as it needs a rate of capital formation in the vicinity of 32-35 per cent of the GDP—a kind of 6 to 9 per cent rise of investment from its present level. While accepting the argument that the rate of capital formation should be increased significantly to achieve required rate of growth, as a student of the late Dr N M Perera and the Samasamaja school of thought, I would like to see the issue from a different perspective.

With reference to the wealth of nations, the classical economists from Adam Smith onwards emphasized the distinction between productive labour and unproductive labour. Joseph Schumpeter located the same distinction at the centre of development discourse in the early part of the twentieth century. One of the main flaws of the economic policies of the present government is that it tends to believe that proper economic management would automatically, sooner or later, bring about economic development. However, economic history does not support this contention. As Reinert eloquently argues, ‘of all the blindspots of standard economics, the most important of all its assumptions was "the equality assumption": the all economic activities were qualitatively alike as careers of economic development.’ Classical economists and development economists have argued that it is not the aggregate investment level that matters but the composition of total investment and its breakdown between productive and unproductive investment. A bank clerk may be a useful person in a modern-day monetary economy, but her labour is not productive. The same applies in the case of a security guard. A pin maker may not be treated as a useful worker in the modern context, but his labour is productive. Karl Marx and Schumpeter advanced this Smithian argument further by focusing on the technological side of investment. What happened to Argentina was that it had continued to base its economy on Malthusian products rather than on Schumpeterian products. While Australia was able to break the Malthusian trap by gradually moving away from its agro-based economy, Argentina had remained in the trap continuing to base its economy on agricultural products. As I mentioned in one of my previous notes, Schumpeterian products possess three principal characteristics. First, in this sector, the unit cost of production goes down gradually when the level of production increases. In case of many agricultural products, the unit of cost production goes up with the increase of the total production. Of course, making agriculture an industry this inherent character of the agricultural production can be reversed to a certain extent. Secondly, Schumpeterian products need continuous and constant technological transformation through ‘creative destruction’. In some products, this process may meet a saturation point when further technological advancement in the field stops. The typical example for this is the garment industry. Thirdly, the Schumpeterian products create cluster effects. One industry leads to another through so many linkages. Hence, one should look at not only of the total level of capital formation but also its composition.

Once I listened to the Governor of Central Bank who, as many public officials prefer to do, made a power point presentation about the Sri Lankan economy. More figures and less argument! It happened on a Sunday. The Governor had a copy of an advertisement supplement that comes with the weekend English newspaper. Showing more than 100 page advertisement supplement, he argued that these advertisements were an indication that the economy, particularly its private sector was thriving. Anybody who goes through this supplement can observe that the number of private transactions have gone up substantially. Nonetheless, one may also recognize that many of these transactions are mere buying and selling and have nothing to do with production. Any final transaction would raise the GDP and the rate of growth because of the way in which national income accounts are calculated. Hence, national income and its rate of growth are no reliable barometers of economic development. The overemphasis of the ideas like doubling per capita income or achieving double-digit growth rate may not help us achieve proper development and therefore the policy makers should focus on and invent new development indicators. Minister Tissa Vitharana has informed us that only 1.5 per cent of our exports can be regarded high-tech products. If Sri Lanka continues with this state of affairs, it will be definitely trapped in middle income status and the country would fail to achieve economic development. What should be these new indicators? Let me bracket for a moment the justice and ecological dimension. If these dimensions are taken into account, I would argue that developed countries in the world should adopt zero-growth strategy and developing countries should also be conscious that the development should stop after achieving reasonable level of output.

The new indicators, among others, would include increasing the proportion of high-tech industrial products in total exports, level of investment in growth-augmented economic activities that I have noted above, level of state spending on education, higher education and research, and the quality of the labor force. If we look at the Arab countries that have been experiencing mass struggles, they all had achieved reasonable growth rate in the recent past. However, those economies were based on low tech and low productive activities. Hence, they remain low wage economies as well. The principle on which the economic strategy laid out by international financial agencies is based is the axiom that high level of investment will ensure high level of growth. In this sense even exchanging more SMS between lovers will be beneficial to economic growth. Moreover, they would even create low wage employment. The countries that achieved economic development in the past disregarded this simple logic and quantitative relationship.


The writer teaches Political Economy at the University of Peradeniya

E-mail: sumane_l@yahoo.com