If you wish to post any interesting articles please e-mail them to secretaryfuta@gmail.com.

Saturday, June 11, 2011

සියලු උද්ඝෝෂණ වීඩියෝ කිරීමට යයි!

ඉරිදා දිවයින
 
නෝමන් පලිහවඩන

රටපුරා පවත්වනු ලබන විරෝධතා උද්ඝෝෂණ සියල්ලක්‌ම මින් ඉදිරියට කැමරා කිහිපයක්‌ මගින් රූගත කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ. කටුනායකදී සිදුවූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ඇතිවූ තත්ත්වය නිසා පොලිසිය මෙම පියවර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

උද්ඝෝෂකයන්ගේ ක්‍රියා කලාපය විමර්ශන කිරීම සඳහා වීඩීයෝ කැමරා ඇතුළු නිශ්චල කැමරා උපයෝගිකර ගැනීමට පොලිස්‌ කැමරා ශිල්පින්ගේ සහාය ලබා ගැනීමට නියමිතය. කටුනායක සිද්ධියේදී පොලිසියට ගල්මුල්වලින් පහර දුන් පිරිසේ ඡායාරූප කීපයක්‌ද පොලිස්‌ පරීක්‌ෂණයට ලක්‌ව තිබේ.

සනාතන සභාවලට රැස්‌වෙන්න බෑ විශ්වවිද්‍යාලවල දැඩි අර්බුදයක්!

ඉරිදා දිවයින

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාලවල අංශාධිපති ධුර දැරූ ආචාර්යවරුන්ගෙන් සියයට අනූවක්‌ පමණ එම ධුර අත්හැරීම නිසා විශ්වවිද්‍යාලවල සනාතන සභා රැස්‌වීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගතව තිබේ.

සියලුම අංශාධිපතිවරු සනාතන සභා සාමාජිකයන් හෙයින් එම තනතුරු අත්හැරීම නිසා සනාතන සභා පැවැත්වීමට ගණ පූර්ණය සම්පූර්ණ කළ නොහැකි බව උපකුලපතිවරු පවසති. ගණ පූර්ණය නොමැති නිසා පේරාදෙණිය හා කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි සනාතන සභා රැස්‌වීම් දින නියමයකින් තොරව කල්දමා ඇත. මෙම විශ්වවිද්‍යාලයන්හි සනාතන සභා රැස්‌වීම් පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ගණ පූර්ණය නොමැති නිසා එම රැස්‌වීම් නොපැවැත්විණි.

මේ අතර මින් ඉදිරියට පීඨ මණ්‌ඩල රැස්‌වීම්වලට ද සහභාගි නොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් ආචාර්යවරු තීරණය කර සිටිති.

සනාතන සභා රැස්‌වීමට නොහැකි වීම නිසා අධ්‍යයන කටයුතුවටල දැඩි බලපෑමක්‌ එල්ල වන බව උප කුලපතිවරු පෙන්වා දෙති. ඒ ඒ අංශයන්හි අධ්‍යයන කටයුතුවලට අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා සනාතන සභා රැස්‌වීම් පැවැත්වීම අනිවාර්ය යෑයිද මෙම තත්ත්වය යටතේ අධ්‍යයන කටයුතු අඩපණ වීම හෝ නැවැත්වීමට සිදුවීම නොවැළැක්‌විය හැකි යෑයිද විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

English, IT course for university entrants

Daily News

The Higher Education Ministry will launch a special English and IT course for new university entrants tomorrow. The programme will be held at 321 centres islandwide including government schools.

The ministry has planned to launch the course at district level and students can join the nearest centre, Higher Education Ministry Secretary Dr Sunil Jayantha Navaratne told the Daily News.

The course has been designed and coordinated by the Colombo University, Kelaniya University, Presidential Programme Unit (PPU) and British Council. Professors, lecturers, teachers and instructors will conduct the English course.

The ministry is to launch this programme after the leadership training programme’s second session is completed, he said.

“The course is scheduled to conclude in September after which an examination will be held and students ranked. This 10,000 students who are weak in English will be selected and given American scholarships,” Dr Navaratne said.

The programme’s objective is to help university students enhance their English language proficiency and IT before entering university.

Sripali University lecturers extracting sex bribes -SB

The Island




By Saman Indrajith

Higher Education Minister S. B. Dissanayake told Parliament yesterday that the lecturers at the Sripali Campus in Horana are extracting sexual bribes from female undergraduates.

"We have received information and complaints that talented students had been overlooked and those who comply with the desires of these teachers are offered class passes and other benefits. The situation in the Sripali Campus of the Colombo University is anarchical and we will not let this abhorrent practice continue," the Minister said making his reply speech during an Adjournment Motion Debate moved by the DNA MP Sunil Handunetti.

The Minister said that there were serious charges against the academic and non-academic staff members. "These people engage in various nefarious activities thanks to disorder prevailing in the Campus. Incidents of highly inhuman ragging too are reported from this institute. One of the solutions was to remove the administration of the Campus and amalgamate it with the University of Visual and Performing Arts. But those who were involved in those notorious activities and conscripting undergraduates for political activities through the means of ragging are opposed to this affiliation of the Campus to the university," he said.

Minister Dissnayake said that the foundation stone for the Horana Sripali was laid by Nobel laureate Rabindranath Tagore and it was set up to promote aesthetic studies, namely arts, music and dance. The property belonged to the late poet Wilmot Perera. His last will said that this institute should only be used to teach aesthetic subjects. There is also a Court order which says the property should be dedicated to the same purpose. It had earlier been designed to cater to this purpose but due to student unrest and graduates forcibly coming to Colombo and occupying Colombo University premises complaining that there were no facilities at the Horana Campus, the then authorities succumbed to the pressure and placed the Campus under the purview of University of Colombo. "Therefore the opposition should not harbour unnecessary fears that we are changing this to something anew. By amalgamating this Campus with the University of Visual and Performing Arts we are correcting a mistake and the institute would be allowed to go ahead on the path it was originally intended," he said.

MP Handunetti moving the motion demanded the government to put the proposed amalgamation of the Campus to University of Visual and Performing Arts on hold and discuss the matter with all the stakeholders. The issue must be debated in public forums and then only should the government decide whether they could continue with the project of shifting the administration of the faculty from one university to another, he said.

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ අලුත් වෙනස්‌කම්

Devaina

බදු පරිපාලන අධිකාරියක ප්‍රධාන අරමුණ වනුයේ පවත්නා නීති රාමුව තුළ බදු එකතු කිරීම සහ බදු ක්‍රමය කෙරෙහි රටේ මහජනතාවගේ මෙන්ම බදු ගෙවන ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙන ආකර්ෂණීයත්වයකින් බදු ක්‍රමය පරිපාලනය කිරීමය. බදු ගෙවන මෙන්ම බද්දට යටත් ආදායම් ඇති යම් යම් අයගේ බදු පිළිබඳ ඇති දැනුම සහ අවබෝධය අඩුකම මෙන්ම යම් යම් අයගේ හිතාමතා බදු පැහැර හැරීම් නිසාත්, බදු පරිපාලනයේ ඇති යම් යම් දුර්වලතා නිසාත් රජයට අපේක්‍ෂිත බදු ආදායම් නොලැබීම පසුගිය දශකය තුළ කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය.

ලොව වෙනත් රටවල බදු ප්‍රතිසංශෝධනය තුළින් එම රටවල බදු පරිපාලනයන් කාර්යක්‍ෂම කරන ලද අතර, ඒ අනුව බදු ක්‍රමයකින් අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීමට එම රටවල් සමත් වී ඇත. සිංගප්පූරුව, මලයාසියාව, තායිලන්තය වැනි ආසියාතික රටවල් මෙන්ම බටහිර සියලු රටවල් පාහේ සිය බදු පරිපාලනයන් නියමිත ප්‍රතිසංස්‌කරණ තුළින් කාර්යක්‍ෂමතාවට පත් කරගෙන සිටී.

1960 කාලයෙන් පසු ලොව බොහෝ රටවල් සිය බදු ක්‍රමයන් සරල කිරීම, බදු ප්‍රතිසංස්‌කරණවල මූලික තැනක්‌ ගත් අතර ඒ අනුව බදු පරිපාලනයන් කාර්යක්‍ෂම වූ අතර, බදු ගෙවන්නන් බදු ක්‍රමයන් කෙරෙහි අනුකූලතා පළකිරීම් වැඩිවීමේ ප්‍රවණතාවක්‌ ඇතිකිරීමට හේතු විය.

කැනඩා රාජකීය බදු කොමිසම (1966), මස්‌ග්‍රේව් කොමිසම කොලොම්බියාව (1969) මස්‌ග්‍රේව් බදු ප්‍රතිසංස්‌කරණ අධ්‍යයනය - බොලිවියාව (1976), මීඩේ වාර්තාව එක්‌සත් රාජධානිය, බදු ප්‍රතිසංස්‌කරණ සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා ඇතුළත් වාර්තාවන්ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, බදු සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ බදු කොමිසමේ යෝජනාද මේ වන විට ඉදිරිපත් වී ඇත. 2011 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනාවලින්ද, බදු ප්‍රතිසංස්‌කරණ සම්බන්ධ යෝජනා ඉදිරිපත් වී ඇති අතර, එම යෝජනා 2011 මාර්තු මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි, අදාළ බදු පනත් සඳහා සංශෝධන පනත් අටක්‌ මේ අනුව සංශෝධනය විය.

බදු පිළිබඳ විශේෂඥ මතය අනුව, ආදායම් ලබාගැනීම සහ බදු අනුකූලතාව ලබාගැනීම ප්‍රධාන ගුණාංගයක්‌ වන විට, බදු ක්‍රමයන් ඉතා සරල කිරීම ඉතා අපහසු කරුණකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සරල කිරීමේ අරමුණින් පහත බදු සංශෝධන ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ බදු පිළිබඳ සංශෝධන විස්‌තර කිරීමට ප්‍රථම ලොවට බදු ක්‍රමයන් හඳුන්වා දුන් සහ ශ්‍රී ලංකාවේ බදු පනත්වල මූලාරම්භය ඇති කළ එක්‌සත් රාජධානියේ පුද්ගල සහ සමාගම් බදු පිළිබඳ අවබෝධයන් ලබාගැනීම යෝග්‍යය. එක්‌සත් රාජධානියේ අවම ආදායම් බදු ප්‍රතිශතය 10% ක්‌ වන අතර එය උපරිම 50% දක්‌වා වේ.



පොලී ආදායම මත පවුම් 2,440 දක්‌වා 10% ක බදු අනුපාතය අදාළ වන අතර ලාභාංශ ආදායම 37,400 දක්‌වා 10% අනුපාතය අදාළ වේ. ලාභාංශ ආදායම පවුම් 37,400 පවුම් 150,000 අදාළ අනුපාතය 20% කි. ලාභාංශ ආදායම පවුම් 150,000 ට වඩා වැඩි වන විට අදාළ අනුපාතය 42.5% කි.

තක්‌සේරු වර්ෂ 2010./2011 දක්‌වා අදාළ සමාගම් බදු අනුපාතය 28% ක්‌ වන අතර, ලාභය පවුම් 300,000 කට අඩු සමාගම්වලට අදාළ සහන බදු අනුපාතය 21%. ප්‍රාග්ධන ලාභ බද්දට යටත් අතර පුද්ගලයන් මත 18% ක්‌ වන අතර, සමාගම් සඳහා අදාළ සමාගම් බදු අනුපාත යටත් අතර, සමහර ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස්‌කර ඇත.

තක්‌සේරු වර්ෂ 2011/2012 සඳහා පවුම් 1-2,550 ඉතිරි කිරීම් මත ආදායම් (පොලී) බද්ද 10% ක්‌ වන අතර ආදායම පවුම් 35,000 දක්‌වා මූලික බදු ප්‍රතිශතය 20% කි. ආදායම පවුම් 35,000 ඉක්‌මවන විට බදු ප්‍රතිශතය 40% ඉහළ අනුපාතයක්‌ වන අතර, ආදායම පවුම් 150,000 ට වැඩි වන විට අතිරේක බදු ප්‍රතිශතය 50% කි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බදු සංශෝධන පනත්

ආදායම් බදු සම්බන්ධයෙන් 2011.04.01 දින ක්‍රියාත්මක වන ආකාරයට දේශීය ආදායම් පනතට සංශෝධන 2011 අංක 22 දරන දේශීය ආදායම් පනත සම්මත වී ඇත. මේ ආකාරයට 2011 අංක 09 දරන එකතු කළ අගය මත සංශෝධන පනත 2011 අංක 10 දරන ජාතිය ගොඩනැඟීමේ සංශෝධන පනත 2011 අංක 11 දරන ආර්ථික සේවා ගාස්‌තු සංශෝධන පනත (ESC)ල 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් පනත මේ අතර ප්‍රධාන තැනක්‌ ගනු ලබන අතර, මුදල් පනත, සුරාබදු පනත්වලට සංශෝධන එකතු වූ අතර, විදුලි සංදේශ ගාස්‌තු පනත සංශෝධන සමග නව බදු නීති හඳුන්වා දී ඇත.

ආදායම් බදු

පුද්ගල ආදායම් බදු සම්බන්ධයෙන් 2011.03.31 දක්‌වා දිනෙන් අවසන් වර්ෂ සඳහා වාර්ෂිකව රු. 300,000 ඉහළ ආදායමක්‌ ලැබූ අය පමණක්‌ බද්දට යටත් වූ අතර එම සීමාව රු. 500,000 දක්‌වා වැඩිවීම තුළින් අඩු ආදායම්ලාභී විශාල ප්‍රමාණයන්ට බදු සහන ලැබෙන අතර 2011 ආරම්භ වන බදු කාලයන් සඳහා බද්දට යටත් වන ආදායම් මත අය කරනු ලබන බදු අනුපාතයන්ද අඩුකරනු ලැබ ඇත.

මේ අනුව තක්‌සේරු වර්ෂ 2011/2012 (2011 අප්‍රියෙල් 01 දින සිට 2012 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය) සඳහා අදාළ වන බදු අනුපාත පහත පරිදිය.



රු. 1,000,000 ආදායමක්‌ ඇති අයකුට මේ අනුව රු. 500,000 නිදහස්‌ දීමනාව ලැබෙන අතර ඉතිරි රු. 500,000 ට 4% ක බද්දක්‌ ගෙවිය යුතුය. ඒ අනුව ගෙවිය යුතු බද්ද වනුයේ රු. 20,000 කි. රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන අය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය සේවා ආදායම් වන විට බදු නිදහස්‌ දීමනාව රු. 600,000 ක්‌ වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා සැපයීම ද අවශ්‍ය නොවන අතර, උපයන විට ගෙවීම් ක්‍රමය අඩු කරනු ලබන බදු මුදල අවසාන බද්ද වේ. 2011 දක්‌වා 35% උපරිමය බදු අනුපාතය 24% දක්‌වා අඩුවීමද කැපී පෙනෙන වෙනස්‌කමකි. 2011 අප්‍රේල් මස සිට සෑම රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අනිකුත් ආයතන ද සිය සේවකයන්ගේ රු. 50,000 වඩා වැඩි මාසික වැටුප් ගෙවන්නේ නම් ඉහත සඳහන් බදු අනුපාත අනුව අදාළ වාර්ෂික බද්දට අනුගත වන පරිදි බදු අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑවිය යුතුය. මේ අනුව සමාන ආදායම් ඇති සියලුම පුද්ගලයන් ඉතා සාධාරණ වූ බද්දක්‌ ගෙවිය යුතු වන අතර, එවන් තත්ත්වය වඩා හොඳ බදු ප්‍රතිපත්තියක ලක්‍ෂණයක්‌ වනු ඇත. තවද සේවා ආදායම පමණක්‌ ඇති බදු ගෙවන්නන් සම්බන්ධයෙන් සේවා ආදායමෙන් කිසිදු ගෙවීමක්‌ අඩුකිරීමට ඉඩ දෙනු නොලබන අතර, ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් සේවා යෝජකයන් සඳහා බදු අඩුකිරීම් සම්බන්ධව විධාන නිකුත් කිරීම අවසන් වන අතර, දෙපාර්තමේන්තුවට මෙන්ම සේවා යෝජකයන්ටද එය පහසුවක්‌ වනු ඇත. තවද දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද හෝ වෙනත් නියාමක අර්ථසාධක අරමුදලකින් සේවකයකු විසින් සිය සේවය අවසන් කිරීමේදී ලබන ආදායම 2011.04.01 දින සිට ආදායම් බද්දට යටත් නොවනු ඇත.

රඳවා ගැනීමේ බදු

විශේෂිත ගෙවීම් අඩු කරනු ලැබූ රඳවා ගැනීමේ බදු 2011.04.01 දින සිට අහෝසිවනු ඇත. මෙය ගොඩනැඟිලි කුලී සම්බන්ධයෙන්ද අදාළ වේ. එමෙන්ම බැංකු තැන්පතු මත ගෙවනු ලැබූ පොලී මත අඩු කරනු ලැබූ රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය 10% උපරිමය 8% දක්‌වා හවුල් ව්‍යාපාර සහ පුද්ගලයන් සම්බන්ධයෙන් වනු ඇත. පෞද්ගලික තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී මතද රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය 2011.04.01 දින සිට පහත පරිදි වනු ඇත. පොලී ආදායම ඇතුළුව සියලුම මාර්ගවලින් ලබන ආදායම වාර්ෂිකව රු. 500,000 ඉක්‌ම නොවන්නේ නම් පොලී මත රඳවා ගැනීමේ බදු අඩු නොකරනු ඇත. පුද්ගල තැන්පතු මත ලබන පොලියද ඇතුළුව සියලුම ආදායම්වලින් ලබන ආදායම වාර්ෂික රු. 500,000 ට වඩා වැඩි සහ රු. 1,500,000 ට වඩා අඩු නම් අඩු කරනු ලබන බදු ප්‍රතිශතය 2.5% කි. පොලී ආදායම ඇතුළුව සියලුම ආදායම් මාර්ගවලින් ලබන ආදායම රු. 1,500,000 ට වඩා වැඩි නම් පොලී මත 8% ක බදු අඩු කිරීමක්‌ කරනු ඇත. මෙම සහන ලබාගැනීමට නම් තැන්පතු හිමියන් අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට තම වාර්ෂික ආදායම පිළිබඳ ප්‍රකාශයක්‌ කළ යුතුය. එසේ ප්‍රකාශයක්‌ නොකරන්නේ නම් ගෙවනු ලබන පොලී මත 8% ක බදු අඩු කරනු ලබනු ඇත. සමාගම් සම්බන්ධයෙන් සහ ඉතිරිකිරීමේ සහතික මත පොලී මත රඳවා ගැනීමේ අනුපාතය 10% ක්‌ වනු ඇත.

සමාගම් බදු සංශෝධන

සමාගම් ලාභ මත පනවනු ලැබූ ආදායම් බදු ප්‍රතිශතය වාර්ෂික ලාභ වෙනුවෙන් 30%, 35% සහ 40% දක්‌වා වීම තුළින් සමාගම් ලැබූ ලාභයන් ප්‍රති ආයෝජනය සීමා විය. මෙම තත්ත්වයන් සලකා බලා 2011/2012 තක්‌සේරු වර්ෂයේ (2011.04.01 න් පසු) මේ සමාගම් බදු ප්‍රතිශතය 28% දක්‌වා අඩු කිරීමට නීති සම්පාදනය කර ඇත. එමෙන්ම විශේෂිත වූ ආදායම්, එනම් රටේ ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයන් දෙනු ලැබූ අපනයන වැනි විදේශ විනිමය ඉපයීම් සම්බන්ධ සමාගම් සම්බන්ධයෙන් බදු අනුපාතය 15% සිට 12% දක්‌වා අඩුකර ඇත. එමෙන්ම සමාගම්වල ලාභවලින් 25% ක්‌ ලාභාංශ වශයෙන් බෙදා නොහරින අවස්‌ථාවලදී අයකරනු ලැබූ ලාභාංශ බද්ද, එසේ බෙදාහැරිය යුතු අවම ප්‍රමාණය 10% දක්‌වා අඩුකර ඇති අතර, එය 10% අවම වශයෙන් බෙදා නොහැර ඇත්නම් පමණක්‌ ලාභාංශ බද්ද අයකරනු ඇත. මේ අනුව සමාගම්වල ආයෝජන සඳහා ප්‍රාග්ධන සම්පාදනය පහසු වන අතර, නව ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වර්ධනය වේ.

තක්‌සේරු වර්ෂ 2010/2011 දක්‌වා අයකරනු ලැබූ 1.5% සමාජ වගකීම් බද්ද අහෝසි කිරීමට අදාළ නීතිමය සංශෝධන ද බදු ක්‍රමය සරල වූ බව තවදුරටත් සහතික කිරීමකි.

බැංකු හා මූල්‍ය සේවා ආයතන සම්බන්ධයෙන් එකතුකළ අගය මත බද්ද සහ සමාගම් බදු අනුපාතය පිළිවෙළින් 12% ක්‌ සහ 28% ක්‌ වන අතර මීට අමතරව 8% කට සමාන වැට්‌ බද්දක්‌ තම මූල්‍ය ආයතනයේ විශේෂ ගිණුමක තැන්පත් කළ යුතු අතර, 5% ක සමාන සමාගම් බද්දක්‌ විශේෂ ගිණුමක තැන්පත් කළ යුතුය. එම අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා ඇත.

ලාභ ආදායම් ගණනය කිරීම

සමාගම් සහ ව්‍යාපාරවල ප්‍රාග්ධන සම්පාදනය ආයතනය තුළින් ඇතිකර ගැනීමට හැකිවන අයුරින්, අදාළ බදු සහන ලැබෙන පරිදි, ලාභ ආදායම ගණනය කිරීමේදී දෙනු ලබන වියදම් සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදන සකස්‌ වී ඇත. ඒ අතර යන්ත්‍ර සහ පිරියත මිලට ගැනීම මත එයට 33 1/3% ක්‌ෂය දීමනාවක්‌ පිරිවැය මත ලබාගත හැකි වන අතර, අලුතින් ඉදිකරනු ලබන ගොඩනැඟිලි සඳහා එය 10% ක්‌ වනු ඇත.

විශේෂයෙන් නිෂ්පාදන ආයතනවලට නව සොයාගැනීම් සහ නව නිපැයුම් සම්බන්ධව කරනු ලබන පර්යේෂණ සහ සංවර්ධන වියදම් සම්බන්ධයෙන් දැරූ වියදම මෙන් දෙගුණයක්‌ (200%) ක්‌ අඩුකිරීම් හිමිකම් ලබා ඇත. ප්‍රචාරණ වියදම් සම්බන්ධයෙන් 50% ක්‌ පමණක්‌ ඉඩදීම සම්බන්ධව තිබූ නීතිමය තත්ත්වය 75% ක්‌ ඉඩදීමට නීති සම්පාදනය වී ඇත. සමාගම් කොටස්‌ මිල ලැයිස්‌තුගත කිරීම සහ විදේශ ගමන් වියදම් සම්බන්ධ අඩුකිරීම් සම්බන්ධයෙන්ද සහන ලැබෙන පරිදි වෙනස්‌කම් සිදුකර ඇත.

ආදායම් බදු සහන

කෘෂිකාර්මික හා ධීවර කර්මාන්ත සම්බන්ධයෙන් තම ආයෝජන සම්බන්ධ ව්‍යාපාර ලාභවලට ආදායම් බදු සහන සම්බන්ධව නීති සකස්‌කර ඇති අතර, නව ව්‍යාපාරවල ආයෝජන සම්බන්ධයෙන් ආයෝජනය කරන ලද මුදල්වල ප්‍රමාණය අනුව බදු සහන ලැබෙන අතර, මේ අනුව දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීම බලාපොරොත්තු වේ.

හර බද්ද ඉවත් කිරීම

බැංකු හා මූල්‍ය ආයතනවල සියලු තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේදී අයකරනු ලබන හර බද්ද 2011.04.01 සිට ඉවත් කරනු ලබන අතර, මේ අනුව බැංකුවලට සිය කටයුතු පහසුවන අතර ගනුදෙනුකරුවන්ගේ පිරිවැය ද අඩුවනු ඇත.

බදු නීති අර්ථ නිරූපණ කමිටුව

දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන අණ පනත්වල තේරුම් ගැනීම සම්බන්ධයෙන් යම් සැකයක්‌ ඇතිවන අවස්‌ථාවක ඒ සංශෝධන තත්ත්වයන් පිළිබඳ අර්ථ නිරූපණය කිරීම කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ජ්‍යෙෂ්ඨ ආදායම් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කර ඇත. මේ අනුව බදු ගෙවන්නන්ට බදු අණ පනත් සම්බන්ධයෙන් අර්ථ නිරූපණ ලබාගත හැකි අතර, සියලුම නිලධාරීන් එම අර්ථ නිරූපණයන් අනුව කටයුතු කරනු ලබන අතර, මේ අනුව බදු ගෙවන්නන්ට සිදුවන අපහසුතාවන් මගහැරී යනු ඇත.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහන

සුලු හා මධ්‍ය පරිමාණ යනුවෙන් නිර්වචනය වනුයේ සිය වාර්ෂික පිරිවැටුම වසරකට රු. මිලියන 100 ට වඩා අඩු ව්‍යාපාර වන අතර, 2010 මාර්තු මස 31 දිනට ගෙවා නොමැති ආදායම් බදු සම්බන්ධයෙන් මෙය අදාළ වන අතර, තම මූල්‍යමය දුෂ්කරතා මත බදු ගෙවීමට නොහැකි වූ අයට යම් යම් කොන්දේසිවලට යටත්ව අනාගතයේදී නියමිත දිනට වාර්තා සපයා බදු ගෙවන බවට දෙනු ලබන සහතිකය වන මෙම බදු සහන ලබාගත හැකිය. විශේෂයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් තුළ ව්‍යාපාර කටයුතු අඩාල වූ අය සම්බන්ධයෙන්ද මෙම සහනය අදාළ වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන (පොලී අනුපාත)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් හඳුනාගනු ලබනුයේ වසර 59 ට වඩා වැඩි අය වන අතර, ඔවුන්ට තමන්ගේ තැන්පතු මත ලබන පොලී ආදායමෙන් රු. 500,000 රඳවා ගැනීමේ බද්දට යටත් නොවනු ඇත. (2011.04.01 න් පසු) මුලු ආදායම රු. 500,000 සිට රු.1,500,000/} දක්‌වා ආදායම් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පොලී මත රඳවා ගැනීමේ බද්ද 2.5% ක්‌ වන අතර, රු. 1,500,000/} ට වඩා මුලු ආදායම් ඇති අය සම්බන්ධයෙන් එය 8% ක්‌ වනු ඇත. සමාගම් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ බදු අනුපාතය 10% ක්‌ ලෙසට පවතිනු ඇත. මේ සම්බන්ධයෙන් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන මගින් තැන්පත් හිමියන් දැනුවත් කරනු ලබන අතර, අදාළ විස්‌තර බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබාගත හැකිය. අදාළ සහනය ලැබෙනුයේ රාජ්‍ය බැංකුවලින් ලබන පොලී සඳහා පමණි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ලබන සඳුදා පළවේ.

ධර්මදාස රංගල්ල,
නියෝජ්‍ය කොමසාරිස්‌,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට එක්‌ රැයකින් විසඳුම් දීමට බැහැ

Devaina

- එස්‌. බී. කියයි


අජිත් අලහකෝන්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සඳහා එක රැයකින් විසඳුම් ලබාදිය නොහැකි බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සරසවි ආචාර්යවරුන්ට වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙන බව පිළිගන්නා නමුත් එක්‌ අය-වැයකින් ඊට විසඳුම් ලබා දිය නොහැකි බවද ඇමැතිවරයා කීය. පසුගිය අය-වැයේදී රජයේ සේවකයන්ට සියයට පහකින් වැටුප් වැඩිකරද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සියයට 36.25 ක වැටුප් වැඩිවීමක්‌ ලබාදුන් බව ද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.